විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද (15) අලුයම වන විට ගාසා තීරයේ විශාලතම රෝහල වන අල් ෂිෆා රෝහල් පරිශ්‍රය වැටලීමට ඊශ්‍රායල හමුදාව පියවර ගත් බවයි.
අල් ෂිෆා හි තවමත් රැඳී සිටින පලස්තීනුවන් හට වහාම යටත් වන ලෙසට ඊශ්‍රායලය දැනුම් දී තිබෙනවා.
ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් මුනීර් අල් බර්ෂ් විසින් අල් ජසීරා පුවත් සේවයට පවසනු ලැබ ඇත්තේ ඊශ්‍රායල හමුදාව වෛද්‍ය සංකීර්ණයේ බටහිර පැත්ත වැටලූ බවයි.
තමන් සිටින පළාතම අළු දුහුවිලිවලින් පිරී ඇති බවත්, රෝහලේ බටහිර කොටසෙහි විශාල පිපිරුමක් සිදුව ඇති බවටත් තමන් විශ්වාස කරන බවයි බර්ෂ් අල් ජසීරා පුවත් සේවයට සඳහන් කර ඇත්තේ.
එමෙන්ම ආක්‍රමණික හමුදා රෝහලේ බිම් මහලේ සෝදිසි කිරීම්හි යෙදී සිටින අතර තව මොහොතකින් ඔවුන් ඉහළ මහලයට පැමිණෙනු ඇති බවයි.
ඊශ්‍රායල හමුදා පළමුකොටම ශල්‍යකර්ම සහ හදිසි අනතුරු ඒකක වැටලූ බවද ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝහල් අධ්‍යක්ෂ මොහොමඩ් සකෝට් පැවසුවා.
කෙසේවෙතත් මේ වනවිට මුළුමනින්ම අල් ෂිෆා හි ස්වාධීනත්වය බිඳ වැටී ඇති බවයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…