ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය ගැන ක්‍රීඩා ඇමතිගෙන් විමර්ශනයක් !

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා විසින් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

ක්‍රීඩා අමාත්‍යංශය විසින් අද (16) දින නිකුත් කර ඇති ලිපියක මේ බව සඳහන් වුණා.

එම ලිපියෙහි තවදුරටත් සඳහන් වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමොද්‍ය වික්‍රමසිංහ මහතා විසින් 2023.11.13 වන දින නිකුත් කරන ලද මාධ්‍ය ප්‍රකාශයකට අනුව 2019 අංක 24 දරන ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැළක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි වන තරඟ පාවා දීම, දූෂණය, නීති විරෝධී මෙහෙයවීම සහ නීති විරෝධී ඔට්ටු ඇල්ලීම සම්බන්ධ කාරණා පිළිබඳව තොරතුරු ඔහු දන්නා බව ප්‍රකාශ කර ඇති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා වශයෙන් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සිදු කර ඇති මෙම ප්‍රකාශ ඉතා බරපතළ බව ක්‍රීඩා අමාත්‍යංශය පෙන්වා දෙනවා.

ඒ අනුව, 2019 අංක 24 දරන පනත ප්‍රකාරව මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශණ ඒකකය වෙත දැනුම් දී ඇති බව එම ලිපියේ වැඩි දුරටත් සඳහන්.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago