ලංකාවට ඇණවුම් කර ගෙනෙන ලද ඉන්ධන නෞකාවේ බහා තිබූ ඩීසල් මෙට්‍රික් ටොන් 19,000න් 11,000ක් ම ප්‍රමිතියෙන් තොර බවට රසායනාගාර පරීක්ෂාවේදී සනාථ වී ඇත.
එම ප්‍රමිතියෙන් තොර ඩීසල් ගොඩබෑම අත්හිටුවීමට කටයුතු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්යක්ෂ දර්ශන රත්නායක පැවසීය.
ඉන් ඩීසල් මෙට්‍රික් ටොන් 8400ක් ප්‍රමිතියෙන් යුතු බවට දෙවතාවක් සිදුකළ රසායනාගාර පරීක්ෂාවකින් තහවුරු වීමත් සමග එම ඩීසල් තොගය පමණක් කොළොන්නාව තෙල් තොග ගබඩා පර්යන්තය වෙත ගොඩබෑ බව ද සඳහන් කළේ ය.
කොළඹ වරායට ඉකුත් 5 වන දා එම්.ටී. ෆොස් පවර් නමැති මෙම නෞකාව සේන්දු වූ අතර එහි පෙට්‍රල් සහ ඩීසල් තොග බහා තිබිණි.
ප්‍රමිතිය පරීක්ෂාවෙන් පසු මීට පෙර එහි තිබූ ඔක්ටේන් 92 පෙට්‍රල් ගොඩබෑමට අවසර දුන් අතර ඩීසල් තොගයේ පරීක්ෂණ කටයුතු අවසන් නොවූ හෙයින් එම ඩීසල් තොග ගොඩනොබෑමට තීරණය කරනු ලැබීය.
පසුව මෙලෙස ඩීසල් තොගයේ රසායනාගාර පරීක්ෂාව සිදුකොට අවසන් කර ඇත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…