මහාචාර්ය රන්ජිත් බණ්ඩාරගේ පුත්‍රයා වූ කණිෂ්ක බණ්ඩාර කෝප් කමිටුවට සහභාගී වී ඇති බවත් විපක්ෂ නායකයා ලෙස තමන්ට සහභාගී වී කතා කිරීම තහනම් කළ කෝප් කමිටුවේ රන්ජිත් බණ්ඩාරගේ පුතා ඉඳගන්නේ කෙසේදැයි කතානායකවරයා පැහැදිලි කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේ දී කථානායකවරයාට දැන්වූයේය.
මේ ප්‍රශ්න කිරීමත් සමග කථානායකවරයා නිරුත්තර වනු දක්නට ලැබිණි.
මේ පිළිබඳව පාර්ලිමේන්තු මහලේකම්වරියත් වගකිව යුතු බව පැවසූ විට මහලේකම්වරිය කතානායකවරයාට දැන්වූයේ රන්ජිත් බණ්ඩාරගේ පුත් කණිෂ්ක බණ්ඩාර රන්ජත් බණ්ඩාර මන්ත්‍රීවරයාගේ මාධ්‍ය ලේකම් බවය.
නැවත වරක් විපක්ෂ නායකවරයා පැහැදිලි කළේ කඩවී ඇත්තේ තමන්ගේ වරප්‍රසාද බවත්, තමන්ට තමන්ගේ ලේකම්වරයෙක්, අතිරේක ලේකම්වරයෙක් කෝප් කමිටුවට සහභාගී කරවිය හැකිදැයි දන්වන ලෙසය.
එහෙන්ම ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුවට ගෙන් වූ අවස්ථාවේ දී කෝප් කමිටුවේ සභාපති ලෙස කටයුතු කළ මහාචාර්ය රන්ජිත් බණ්ඩාර ශ්‍රී ලංකා ක්‍රිකට් යටතේ සකස් වෙමින් පවතින නුවර ක්‍රිකට් විශ්විද්‍යාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් පඩි ගන්නා උපදේශකයෙක් බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගොඩනගන්නට යන “බ්‍රේන් සෙන්ටර්” ව්‍යාපෘතියේ උපදේශක ආයතනය ලෙස පත් කරන්නට යන්නේ මහාචාර්ය රන්ජිත් බණ්ඩාර යටතේ ඇති Business Management School of Colombo ආයතනය බවත්ය.
මේ සියලුම තොරතුරු විපක්ෂ නායකවරයා විසින් සභාගත කළේය.
පාර්ලිමේන්තුවේ වැදගත්ම කමිටුවක් වන කෝප් කමිටුවේ සභාපතිත්වය දරන මෙම පුද්ගලයා මේ කරුණු වසන් කිරිමත් ශ්‍රී ලංකා ක්‍රිකට් කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේ එහි සභාපතිත්තිවය දැරීමත්, ලබැඳියාවේ ගැටුම සම්බන්ධ කාරණාවේ දී පාර්ලිමේන්තු සදාචාරයට නොගැලපෙන බව විපක්ෂ නායකවරයා පැවසුවේය.
කෝප් කමිටු සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සේවා සැපයීමට අදාළ සාක්ෂි
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…