රිටුක්සිමැප් (Rituximab) නැමැති පිළිකා ප්‍රතිකාර සඳහා භාවිත වන එන්නතක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියෙන් තොරව ගෙන ඒමේ ලිපියක් උපයෝගි කර ගෙන ගෙන්වා සෞඛ්‍ය අමාත්‍යංශයට ලබා දී ඇතැයි මේ වන විට තහවුරු වී තිබෙන බව සෞඛ්‍ය වෘත්තිකයන්ගේ විද්වත් සංගමය සදහන් කරයි.
හොර ඉමියුනෝග්ලොබියුලින් එන්නත ගෙන්නූ සමාගම විසින්ම ගෙන්වා ඇති මෙම ඖෂධය එන්නත් 2200ක් සෞඛ්‍ය අමාතයංශය මිලදී ගෙන ඇති අතර එම ප්‍රමාණයෙන් 2000ට වැඩි ප්‍රමාණයක් රෝගීන් සදහා භාවිත කොට අවසන් වී ඇතැයි ද සංගමයේ සභාපති රවී කුමුදේශ් පැවසුවේය.
එක් එන්නත් මාත්‍රාවක් ඇමරිකානු ඩොලර් 152ක මුදලකට මිලදී ගෙන ඇති අතර සම්පූර්ණ තොගය සදහා රුපියල් මිලියන 100ට වැඩි මුදලක් සෞඛ්‍ය අමාත්‍යංශය අදාල සමාගමට ගෙවා ඇතැයි ද හෙතෙම පැවසුවේය.
සාක්ෂි සාධක සහිතව නිරාවරණය වූ ඉමියුනිග්ලොබියුලින් ගනුදෙණුවේ වගකිවයුත්තන්ට දඩුවම් නොලැබීම හෝ සැබෑ වගකිවයුත්තන් නිදහසේ සිටීම යනු ඉමියුනිග්ලොබියුලින් න්‍යාය සෑම ඖෂධයක් සඳහා අත්හදා බැලෙනු ඇති බව යැයිද සභාපතිවරයා අවධාරණය කරයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…