ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ලබන 22 වනදා ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත කැඳවා තිබෙනවා.
සභාපතිවරයා විසින් පසුගියදා නිකුත් කළ ආන්දෝලනාත්මක නිවේදනයේ සඳහන් කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා එම ඒකකය වෙත කළ දැනුම්දීමකින් අනතුරුවයි මෙම කැඳවීම සිදුකර ඇත්තේ.
ලෝක කුසලාන තරගාවලිය අවසන් කරමින් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථවේ දී ගුවන්තොටුපොළේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සඳහන් කළේ තරග පරාජයන්ට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවයි.
ඒ සම්බන්ධයෙන් අනාවරණය කිරීමට තමන්ට දින දෙකක් ලබාදෙන ලෙසට ද ඔහු එහිදී ඉල්ලීමක් කර සිටියා.
ඊට දින කිහිපයකට පසුව එනම් පසුගිය 13 වනදා ඔහු විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අනාවරණයන් කිහිපයක් සිදුකළා.
තරග පවාදීමේ සූදුවේ නිරත පිරිස් ක්‍රිකට් ක්‍රීඩාව බිඳ වැට්ටවීමට උත්සාහ දැරූ බව සහ සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරයන් ගෙනයාමට ඇතැම් පිරිස් විශාල වශයෙන් මුදල් ආයෝජනය කර ඇති බවට ද එම නිවේදනයේ දැක්වෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…