ශ්‍රී ලංකා

රට බංකොළොත් කළ පාලකයින්ගේ ප්‍රජා අයිතිය වහා අහෝසි කරන්න – අරගල කරුවන් පාර්ලිමේන්තුවට අභියෝග කරයි !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ මෙන්ම හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් සහ හිටපු ජනාධිපති ලේකම් පී. බී ජයසුන්දරගේ ප්‍රජා අයිතිය වහා අහෝසි කරන ලෙස සර්ව පාක්ශික අරගලකරුවන් විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටිනවා.

රට බංකොලොත් කළ මජර පාලකයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට පාර්ලිමේන්තුව විසින් යෝජනාවක් සම්මමත කළ යුතු බවට ඔවුන් වැඩිදුරටත් පෙන්වාදෙනවා.

රටේ මිලියන 21 ක ජනතාව ගෑස් හිඟයෙන්, ඉන්ධන හිඟයෙන්, විදුලි කප්පාදුවෙන්, බෙහෙත් හිඟයෙන් පීඩාවට පත්ව සිටියදිත් එකමුතු නොවූ පාර්ලිමේන්තුව, රට බංකොලොත් කල පාලකයින්ට එරෙහිව එකමුතු වේ යැයි ඔවුන් විෂ්වාස නොකරන බවත්, ජනතාවගේ යුක්තිය වෙනුවෙන් සටන් කළ හැකි පාලකයෙක් සිටිනවානම් මෙරට බංකොලොත් කල පාදඩ පාලකයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට යෝජනාවක් ගෙන එන ලෙස පාර්ලිමේන්තුවට අරගලකරුවන් විසින් අභියෝග කර සිටිනවා.

පසුගිය 14 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිටු 265 ක් පුරාවට පසුගිය පාලනයේ පැවති අදූරදර්ශී, වගකීම් විරහිත, වංචාකාරී ස්වරූපය හෙළිදරව් කරනු ලැබූ අතර මෙරට පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ද උල්ලංගණය වූ බවට තීන්දු කරනු ලැබුවා.

ඒ අනුව සර්ව පාක්ශික අරගලකරුවන් මෙම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ ජන අරගලය යුක්තියුක්ත අරගලයක් බවට එමඟින් තහවුරුවන බවයි.

ඔවුන් නිකුත් කළ නිවේදනය පහතින්,

2023.11.16

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago