ශ්‍රී ලංකා

ක්‍රිකට් තහනම් කරගන්න ඇඟිලි ගසන බව කියා ප්‍රබල චෝදනා පහක් සහිතව ෂම්මි අයිසීසියට ලිපියක් යවලා – ලිපිය පාර්ලිමේන්තුවේ දී හැන්සාඩ් ගත කරයි (VIDEO)

ශ්‍රී ලංකා ක්‍රිකට්හි කටයුතුවලට ක්‍රීඩා අමාත්‍යාංශය අනවශ්‍ය මැදිහත්වීම් කළ බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලිපියක් යවා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (18) පාර්ලිමේන්තුවට අනාවරණය කළා.

එහි දී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා සිටියේ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත තහනමක් පැනවීමට මෙය මග පාදා ඇති බවයි.

ඒ අනුව විපක්ෂ නායකවරයා, ඉකුත් අගෝස්තු 28 වැනි දා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ග්‍රෙග් බාර්ක්ලේ වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අතිරේක කරුණක් සහිත ව බරපතල චෝදනා පහක් ඇතුළත් කරමින් යවා ඇති ලිපිය සභාගත කරන්නට කටයුතු කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා වෙත යවන ලද ලිපියෙන් චෝදනා කර සිටින්නේ,

  • ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල්වලරයාගේ ඇගිලි ගැසීම් ඇති බවත්,
  • ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගේ වැටුප් පිළිබඳ විස්තරයක් ක්‍රිඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඉල්ලා සිටි බවත්,
  • ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසර නැතුව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රියාත්මක කරන්න හැකියාව තිබීමත්,
  • ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ව්‍යවස්ථාවක් ගොනු කර ඊට ක්‍රිඩා ඇමැතිවරයා මැදිහත්වීමත්,
  • ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විගණන වාර්තාව එළි දැක්වීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට අගතියක් සිදු වූ බව යන කාරණා 5 යි.

තව ද ක්‍රීඩා අමාත්‍යවරයා, ජාතික ක්‍රීඩා අරමුදලට සියයට 20ක පරිත්‍යාගයක් කරන්නැයි කියා ක්‍රීඩා ඇමැතිවරයා ක්‍රිකට් ආයතනයට බලපෑම් කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත යොමු කළ ලිපියේ අමතර කරුණක් ලෙස දක්වා තිබෙනවා.

අදාළ ලිපිය පහතින්,

1652ee0c-d2d4-4d1c-a4ba-d6573152e333

Ceylon News Factory

Recent Posts

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 hour ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

2 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

3 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

5 hours ago

රාජ්‍ය සේවකයන්ට එළැඹෙන අයවැයෙන් සුබ ආරංචියක්!

රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…

6 hours ago

ඥානසාර හිමිට ලිහිල් සිරදඬුවමක් !

ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…

6 hours ago