ඉකුත් 2019 වසරේ පාස්කු ඉරු දින දී දිවයිනේ තරු පන්තියේ හෝටල් සහ කතෝලික දේවස්ථාන ඉලක්ක කරගෙන එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පැවැත්වූ විමර්ශන, පැවති රජයේ බලපෑම මත අඩාල වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා පවසනවා.
ඔස්ට්‍රෙලියානු රූපවාහිනි සේවාවක් වන ABC ප්‍රවෘත්ති සේවාව විසින් නිෂ්පාදනය කළ වාර්තා වැඩසටහනක අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කරන්නේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වීමත් සමඟ අගමැතිවරයා හෝ කැබිනට් මණ්ඩලය පත්කිරීමට පෙර ම තම විමර්ශන කණ්ඩායම පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කටයුතුවලින් ඉවත් කළ බවයි.
අදාළ වාර්තා වැඩසටහන ඉකුත් 16 වැනි දා ඔස්ට්‍රෙලියාවේ ABC ප්‍රවෘත්ති සේවය විසින් විකාශය කළ අතර, එහි පෙනී සිටිමින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශන මෙහෙයවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා ඇතුළු කණ්ඩායම අදාළ විමර්ශනවලින් වහා ඉවත් කළේ, කිසිදු දැනුම්දීමකින් තොර බව පවසනවා.
තව ද ඇතැම් බුද්ධි අංශ නිලධාරින් මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් සමඟ සබඳතා පැවැත්වීම එම පරීක්ෂණවලට බාධාවක් වූ බව හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ එම වාර්තා වැඩසටහන හරහා හෙළිදරව් කරනවා.
එහි දී හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසන්නේ, පාස්කු ඉරිදා ප්‍රහාරයට මාස 06කට පෙර නැගෙනහිර වවුනතිව්හී දී පොලිස් මුරපොළක කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද නිසි තොරතුරු ලබාදුන්නේ නම්, මෙම ප්‍රහාරය වැළැක්වීමට හැකියාව තිබූ බවයි.
තව ද මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ සමීපතමයන් හෝ ප්‍රශ්න කිරීම් ජාතික ආරක්ෂක මෙහෙයුම්වලට බලපාන බව පවසා බුද්ධි අංශ නිලධාරින් දෙවරක් ම වැළැක්වූ බව ද හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා අදාළ වාර්තා වැඩසටහනේ දී වැඩි දුරටත් ප්‍රකාශ කරනවා.
මේ අතර ABC වාර්තා වැඩසටහන හරහා හෙළිදරව් කරන විශේෂ කරුණක් වන්නේ, අමෙරිකානු FBI ඔත්තු සේවාවේ සහායෙන් අනාවරණය කරගත් එක් කරුණක් වන්නේ, පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ ජාතික තවුහිද් ජමාත් ත්‍රස්තවාදීන් සමඟ රහස්‍ය හමුදා බුද්ධි අංශ මෙහෙයුම් අන්තර්ජාල ලිපිනයක් ඔස්සේ නිරන්තර සන්නිවේදනයක් සිදු ව ඇති බවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…