ශ්‍රී ලංකා

මුහුදු ගිය ජපන් ජාතිකයෙකු ඇතුළු තවත් පිරිසක් අතුරුදන් – කාලගුණය හරස්වී බෝට්ටුව පෙරළෙයි !

මාරවිල, මුහුදුකට්ටුව ප්‍රදේශයේ දී මුහුදු ගිය බෝට්ටුවක් පෙරළී යාමෙන් ජපන් ජාතිකයෙකු ඇතුළු සිව්දෙනෙකු අතුරුදන් වී ඇති බව පොලීසිය පවසනවා.

අතුරුදන් වී ඇතැයි සඳහන් බෝට්ටුවේ හිමිකාරිනිය වන මාරවිල – උතුරු මූදුකටුවේ පදිංචි ශ්‍රියානි ජීවනී ප්‍රනාන්දු යන අය විසින් ඒ බව අද (19) අලුයම 03.30ට පමණ මාරවිල පොලීසියට දැනුම් දීමට කටයුතු කර තිබෙනවා.

මසුන් ඇල්ලීමට කුඩා ඩිංගි බෝට්ටුවකින් ජපන් ජාතිකයෙකු ඇතුළු 05 දෙනෙකු මාරවිල – කුරුස පල්ලිය ආසන්නයෙන් මුහුදට ගොස් ඇත්තේ ඉකුත් 18 වැනිදා සවස 05.30ට පමණය.

මසුන් මරමින් සිටින අතරතුර ඇති වූ වැසි සහිත කාලගුණය සමඟ බෝට්ටුව මුහුදේ පෙරළී ගොස් ඇති අතර බෝට්ටුව පදවා ගෙන ගිය අය විසින් මේ බව දුරකථන පණිවුඩයක් මඟින් ගොඩබිම සිටින තවත් ධීවරයෙකුට දැනුම්දීමට කටයුතු කර ඇත.

ඒ අනුව බෝට්ටුව පෙරළී ගිය බව කියන ප්‍රදේශයට ගිය තවත් පිරිසක් විසින් බෝට්ටුව පදවාගෙන ගිය අයව බේරාගෙන ගොඩබිමට ගෙනවිත් තිබේ.

මෙලෙස අතුරුදන් වූ පිරිස සොයා නාවික හමුදාවේ සහාය ඇතිව මෙහෙයුමක් දියත් කිරීමට කටයුතු කර ඇති බවයි මාරවිල පොලීසිය පවසන්නේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

17 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

19 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago