ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක් ක්‍රියාත්මක කරවීමට මග පෑදීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත යවන ලද ලිපියක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (18) පාර්ලිමේන්තුවේ සභා ගත කළා.
ඉකුත් අගෝස්තු 28 වැනි දා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ග්‍රෙග් බාර්ක්ලේ වෙත ශ්‍රී ලංකා ආයතනය විසින් අතිරේක කරුණක් සහිත ව බරපතල චෝදනා පහක් ඇතුළත් කරමින් යවා ඇති ලිපිය සභාගත කළ පසු ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කරුණු දැක්වීමක් කරමින් කියා සිටියේ, විපක්ෂ නායකවරයා විසින් කරන ලද චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්, නොයෙකුත් අනතුරු ඇඟවීම් නොතකා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ අඛණ්ඩ මැදිහත්වීම් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවීම සිදු ව ඇති බවයි.
නමුත් එම කරුණු දැක්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ විපක්ෂ නායකවරයා අද (19) විශේෂ අනාවරණයක් කරමින් සඳහන් කළේ, ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක් පැනවීමට මග පෑදූ එක ම ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් යොමු කරන ලද 2023.08.23 වැනි දිනැති ලිපිය පමණක් නොව තවත් ලිපි තුනක් මග පාදා ඇති බවයි.
ඒ අනුව විපක්ෂ නායකවරයා විසින් කරන විශේෂ අනාවරණයෙන් සඳහන් කරන්නේ, ඉකුත් නොවැම්බර් 6, 7 හා 9 යන දිනවල දී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වාගේ අත්සනින් යුතුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ග්‍රෙග් බාර්ක්ලේ වෙත යවා ඇති ලිපි පරිශීලනය කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් වූ ආකාරය අවබෝධ කර ගත හැකි බවයි.
ඒ අනුව,
මෙම ලිපි පෙළ ප්‍රසිද්ධ කරමින් විශේෂ ප්‍රකාශයක් කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම ලිපිවල අන්තර්ගත තොරතුරු සාවද්‍ය බවත් මෙහි දී කිිසිදු දේශපාලන ඇගිලි ගැසිමක් නොවු බවත් මෙය ගජමිතුරු ක්‍රීඩාවක් නොවන බවත්, මෙය මෙරට සමස්ත ජනතාවගේ ම ක්‍රීඩා අයිතිය උල්ලංඝනය කිරීමක් බවයි.
මේ අතර අද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අවධාරණය කළේ, මොනරා ඉහත දී විස්තර කළ නොවැම්බර් 07 වැනි දිනැති ලිපිය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා ඇති බව යි.
අදාළ ලිපි තුන පහතින්
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…