ක්‍රිකට්

World Cup 2023 – ඔලුව පාවිච්චි කරලා ගහපු හෙඩ්ගේ ඉනිම නිසා ඉන්දියානු සිහින බොඳ කරමින් ශුරතාවය ඔස්ට්‍රේලියාවට

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ (World Cup 2023) අවසන් මහා තරගයෙන් සත්කාරක ඉන්දීය කණ්ඩායම පරදා කඩුලු 6 ක ජයක් වාර්තා කරමින් 6 වැනි වරටත් ලෝක ශූරතාවය දිනා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද (19) සමත් වුණා.

අහ්මදාබාද් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාවට පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 240 ක් පමණයි.

ක්‍රීඩාංගනයට රැස්ව සිටි එක් ලක්ෂ තිස් දහසක ප්‍රේක්ෂකයින් ඉදිරියේ පිතිකරුවන්ට අපහසු තණතීරුවක පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියාව පන්දුවාර 43 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ට්‍රැවිස් හෙඩ් පන්දු 120 කින් ලකුණු 137 ක් රැස් කළේ හයේ පහර 4 ක් හා හතරේ පහර 15 ක් සමගින්. ඔහුට අනගි සහායක් ලබා දුන් මර්නස් ලබුෂේන් පන්දු 110 තුල ලකුණු 58ක් ලබා ගත්තා.

ඔස්ට්‍රේලියානු ඉනිමේ තෙවැනි කඩුල්ල ලකුණු 47 දී බිද වැටුණු පසුබිමකයි ඔවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ලට පන්දු 215කදී ලකුණු 192ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවේ.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව වෙනුවෙන් කේ එල් රාහුල් ලකුණු 66 ක්, විරාත් කෝලි ලකුණු 54 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මිචෙල් ස්ටාක් කඩුලු 3 ක් දවා ගත් අතර, ජොෂ් හේසල්වුඩ් හා පැට් කමින්ස් කඩුලු 2 බැගින් දවා ගත්තා.

අවසන් තරගයේ වීරයා බවට පත්වුයේ විශිෂ්ට ශතකයක් වාර්තා කල ට්‍රැවිස් හෙඩ්.

2023 ලෝක කුසලානයේ තරගාවලියේ විරයා බවට පත්වුයේ විරාට් කෝලි

Ceylon News Factory

Recent Posts

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

27 minutes ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 hour ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

3 hours ago

රාජ්‍ය සේවකයන්ට එළැඹෙන අයවැයෙන් සුබ ආරංචියක්!

රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…

5 hours ago

ඥානසාර හිමිට ලිහිල් සිරදඬුවමක් !

ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…

5 hours ago

එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන ඉන්දියාවට!

නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…

6 hours ago