ලොව පුරා මිලියන ගණනක රසික ප්‍රජාවගේ ජනාදරයට පත් Vlog නිර්මාණකරුවෙකු (YouTuber) වන නාස් ඩේලි (Nas Daily) ශ්‍රී ලංකාවට පැමිණ සිටී.
සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ආරාධනයකට අනුව ඔහු ශ්‍රී ලංකාව වෙත පැමිණ ඇත.
එම ආරාධනයත් සමඟ පැමිණි නාස් ඩේලි මෙරට සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග ගිවිසුමකට එළැඹ තිබේ.
සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය නිල Twitter ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ මෙම ගිවිසුම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා මහත් පිටුවහලක් වනු ඇති බවය.
ඊශ්‍රායල – අරාබි ජාතික Vlog නිර්මාණකරුවා විසින් මින් පෙර නිර්මාණය කරන ලද This is Made of Poop, My Biggest Money Mistake, The Key Board Warrior යනුවෙන් නම් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ වීඩියෝ පට තුනක් අන්තර්ගත කර තිබුණි.
2020 වසරේදී නාස් ඩේලී, කොවිඩ් වසංගත සමය තුළ වඩාත්ම නිර්ලෝභීව කටයුතු කළ රට වශයෙන් (The Most Generous Country During Covid) ශ්‍රී ලංකාව නම් කරමින් නිකුත් කළ වීඩියෝ පටයක් නිර්මාණය කර තිබුණි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…