ලොව ප්‍රමුඛතම කෘත්‍රීම බුද්ධිය හා සම්බන්ධ සමාගම වන “OpenAI” සමාගම තුළ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.
ඊට හේතුවී ඇත්තේ එම සමාගමේ සම නිර්මාතෘ සහ එහි ප්‍රධානියා ලෙස කටයුතු කළ සෑම් ඔල්ට්මාන් ව සේවයෙන් නෙරපීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කිරීම හේතුවෙනි.
එසේම එම සමාගමේ සේවකයින්ගෙන් 95%ක් අධ්‍යක්ෂ මණ්ඩලය ට ලිපියක් යොමු කරමින් පවසා ඇත්තේ අධ්‍යක්ෂ මණ්ඩලය දුර්වල බවත් සිය සමාගමේ කටයුතු මෙම තීරණය හේතුවෙන් යටපත් වන බවයි.
සිය ප්‍රධානියාව නැවතත් සේවයේ පිහිටුවන ලෙසත් ඔවුන් බල කරයි.
පසුගිය සති අන්තයේ ඔල්ට්මාන් සේවයෙන් නෙරපූ අතර ඊට සුළු මොහොතකට මයික්‍රොසොෆ්ට් සමාගම නිවේදනය කළේ තම සමාගමේ නව පර්යේෂණ අංශයේ ප්‍රධානියා ලෙස අල්ට්මාන් ව තෝරාගත් බවයි.
කෘත්‍රීම බුද්ධිය සම්බන්ධ වර්ධනයේ ප්‍රමුඛයෙක් ලෙස සැලකෙන සෑම් අල්ට්මාන් “OpenAI” සමාගමෙන් නෙරපීම තාක්ෂණික ක්ෂේත්‍රය පුදුමයට පත් කළේය.
එම සමාගමේ සේවකයින් යොමුකළ ලිපියේ එහි ප්‍රධාන පෙළේ නිලධාරීන් ද අත්සන් තබා තිබීම විශේෂත්වයකි.
සිය ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් තමන් ද “OpenAI” සමාගමෙන් අස්වන බව එම සේවකයෝ පවසති.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…