පාර්ලිමේන්තු ඉතිහාසයේ සිදුවූ නින්දා සගහගතම මැරකමක් අද සිද්ධ වූයේය. ඒ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, පී.බී. ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්‍රාල් ඇතුළු කණ්ඩායම විසින් ආර්ථිකය බංකොලොත් කිරීම සම්බන්ධව ලබා දුන් තීන්දුවට අනුව ඉදිරි රජය කටයුතු කරන ආකාරය සම්බන්ධව පාර්ලිමේන්තුව තුළ 27/2 යටතේ ප්‍රශ්නයක් විමසූ අවස්ථාවේ දී ය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ ආර්ථිකය බංකොලොත් කළ කණ්ඩායම තවමත් වරප්‍රසාද සහිතව ජනතා මුදලින් සැපසේ වෙසෙන බවත්, මෙම ශ්‍රේෂ්ඨධිකරණ තීන්දුව සම්බන්ධයෙන් රජයේ පැහැදිලි කිරීමට දැන ගැනීම සඳහා තමන් මෙම ප්‍රශ්නය විමසන බවත්ය.
නඩු තීන්දුවේ ප්‍රකාශිත පරිදි,
මෙම ප්‍රශ්නය පුරාම විපක්ෂ නායකවරයාට බරපතල ලෙස බාධා පැමිණවීමට පොහොට්ටු මන්ත්‍රීවරු කටයුතු කළහ.
අවසානයේ දී ප්‍රශ්නය ඉදිරිපත් කරමින් සිටි විපක්ෂ නායකවරයා අසලට පැමිණි රාජ්‍ය ඇමති සනත් නිශාන්ත, විපක්ෂ නායකවරයා විසින් අසමින් සිටි ප්‍රශ්නය ඔහුගේ අතින් උදුරා ගත්තේය.එය උදුරාගෙන පොලොන්නනරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම වෙත ලබා දුන්නේය.
ඒ අනුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විපක්ෂ නායකවරයාගේ ආසනය අසළට විත් ඔහුට බාධා කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු සුළු වේලාවකට කල් තැබීමටයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කළේ.
කල් තබා යළිත් විවාදය ආරම්භ වූ පසු බාධා කිරීම් මධ්‍යයේ ඔහු යළිත් එම ප්‍රශ්නය විමසා නිමා කළේය.
කෙසේ වෙතත් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා.
2024 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (21) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. අයවැය දෙවන වර කියවීමේ විවාදයේ 07 වැනි දිනය අද වන අතර ඡන්ද විමසීම පස්වරු 06ට ආරම්භ වන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
2024 වර්ෂය සඳහා වූ අයවැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පසුගිය 13 වැනිදායි. ඒ අනුව අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙට (22) දිනයේ සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.
මේ අතර උක්ත සිදුවීම සම්බන්ධව වීඩියෝ දර්ශන මාධ්‍යය වෙත් නිකුත් වූ අතර, පාර්ලිමේන්තු සභාගර්භය තුළ ජංගම දුරකතන හෝ විද්‍යුත් උපකරණ භාවිතයෙන් පටිගත කිරීම සහ ඒවා විද්‍යුත් මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම කිසිවිටෙකත් නොකළ යුතු බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ
මින් ඉදිරියට කිසිවෙකු හෝ එවැනි ආකාරයෙන් හැසිරුණ හොත් ඒ සම්බන්ධයෙන් වින්‍යානුකූල පියවර ගන්නා බවයි කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
අදාළ ගැටුම සිදුවන මොහොතේදී එය වීඩියෝ ගත කිරීම සම්බන්ධව කතානායක වෙත පැමිණිලි ද ඉදිරිපත් වෙනු දක්නට ලැබුණා.
සිදුවීමට අදාළ සම්පුර්ණ දර්ශන පහතින්,
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…