2024 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත (Budget 2024) දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 45කින් ජයග්‍රහණය කළා.
ඒ දින හතක් මුලුල්ලේ පැවති දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීමෙන් අනතුරුවයි. ඒ අනුව අදාළ විසර්ජන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 122ක් ද, විපක්ෂව 77ක් ද වශයෙන් ලැබී තිබුණා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පසුගිය නොවැම්බර් මස 13 වැනි දා ලබන වර්ෂය සඳහා වූ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එහි දක්වා ඇති සම්පූර්ණ වියදම් ප්‍රමාණය රුපියල් තුන්දහස් අටසිය හැට බිලියන අටසිය හතලිස් හය මිලියන හත්ලක්ෂ අසූඅට දහසක් වනවා.
මෙවර අයවැයේ රුපියල් බිලියන 2651ක් පුනරාවර්තන වියදම්වන අතර එය සම්පූර්ණ වියදම්වලින් 68.67%ක කොටසක් ගනු ලැබුවා.
අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙට දිනයේ සිට දෙසැම්බර් 13 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.
මහජන නියෝජිතයින් ජන්දය භාවිතා කල ආකාරය පහතින්,
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…
නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…