ක්‍රිකට්

World Cup 2023 – ලෝක කුසලානය දිනු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට මරණ තර්ජන, බිරින්ඳෑවරුන් සහ දරුවන් දූෂණය කරන බවට ද තර්ජනය කරලා !

ලෝක කුසලානය (World Cup 2023) ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ට සහ පවුල් සාමාජිකයින්ට මරණ තර්ජන එල්ල වී ඇති බව ක්‍රීඩකයින් විසින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත පැමිණිලි කොට තිබෙනවා.

එමෙන්ම ක්‍රීඩකයින්ගේ බිරින්ඳෑවරුන් දූෂණය කරන බවට ද තර්ජන එල්ල වී ඇති බව එහි සඳහන්. එම තර්ජන ඔවුන්ගේ පවුලේ සමාජිකයන්ට ද එල්ල වී ඇති බවටයි, ක්‍රීඩකයින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය වෙත දන්වා ඇත්තේ.

ඉන්දියානු ක්‍රිකට් රසිකයන් විසින් මෙම තර්ජන එල්ල කර ඇති බව South Asia Index පුවත් සේවය නිකුත් කළ X සටහනේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර සමාජ මාධ්‍ය ප්‍රකාශනයන් හි දක්නට ලැබෙන්නේ ග්ලෙන් මැක්ස්වෙල් සහ ට්‍රැවිස් හෙඩ් ඉලක්ක කරගනිමින් අදාළ වෛරී ප්‍රකාශ නිකුත් වී ඇති බවයි එහි සඳහන් කර තිබුණේ.

එහිදී ට්‍රැවිස් හෙඩ්ගේ අවුරුද්දක් වයසැති දියණිය ද ඉල්ලක්ක වී තිබෙනු දක්නට ලැබුණා.

ඉන්දියාවේ දී පැවැති එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය කඩුලු 06කින් ජයගැනීමටයි පසුගිදා ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණේ. ඒ, තරගාවලිය පුරා අපරාජිතව සිටි ඉන්දිය කණ්ඩයම පරාජයට පත් කරමින්.

Ceylon News Factory

Recent Posts

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

41 minutes ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

3 hours ago

රාජ්‍ය සේවකයන්ට එළැඹෙන අයවැයෙන් සුබ ආරංචියක්!

රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…

4 hours ago

ඥානසාර හිමිට ලිහිල් සිරදඬුවමක් !

ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…

4 hours ago

එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන ඉන්දියාවට!

නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…

5 hours ago

ලෝක ආර්ථික සංසදයෙන් අනාගත රැකියා පිළිබඳ වාර්තාවක් එළිදැක්වේ!

ලෝක ආර්ථික සංසදය විසින් 2025 රැකියා පිළිබඳ අනාගත වාර්තාව එළිදක්වා තිබෙනවා. එම වාර්තාවේ සඳහන් වෙන්නේ…

6 hours ago