නාවලපිටිය රඹුක්පිටිය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් පොලිතින් සහ පුවත්පත් කෑමට බල කළ බව කියන සිසුන් දෙදෙනකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සිසුන්ගේ දිවා ආහාර විවේකයේදී මෙම සිද්ධිය සිදුවී ඇති අතර එකම පන්තියේ හත් දෙනෙකු පොලිතින් සහ පුවත්පත් පිටුවල ඔතා ඔවුන්ගේ ආහාර රැගෙන පැමිණ තිබුණා.
මෙම සිසුන් හත්දෙනා පාසල් බෑගයට පොලිතින් දමන්නට සැරසෙද්දී විදුහල්පතිවරයා මැදිහත් වී එම පොලිතින් සහ පුවත්පත් පිටු එම ස්ථානයේදීම ආහාරයට ගන්නා ලෙස නියෝග කළ බවයි සිද්ධිය ඇසින් දුටුවන් පවසා ඇත්තේ.
සිසුන් විදුහල්පතිවරයාගේ අණ පිළිපැද ඒවා අනුභව කර තිබුණා.
අනතුරුව සිසුන්ට ඇති වූ උදර වේදනාව, වමනය සහ උගුරේ අමාරුව වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ දෙමව්පියන් විසින් රෝහලට ඇතුලත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් රෝහල්ගතව සිටින එක් සිසුවෙකුගේ පියා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව නාවලපිටිය පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…