මහජනතාවගේ පහසුව සඳහා රථවාහන වැරදි සඳහා දඩ මුදල් ගෙවීමේ ක්‍රියාවලිය සරල කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පොලිසිය සහ තැපැල් දෙපාර්තමේන්තු ඒකාබද්ධ ව්‍යාපෘතියක් දියත් කර ඇත.
ඒ අනුව මහජනතාවට රාත්‍රියේදී පවා රථ වාහන දඩ මුදල් ගෙවීමට හැකිවන පරිදි බස්නාහිර පළාතේ තැපැල් කාර්යාල 13ක් පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව කොම්පඤ්ඤවීදිය, හැව්ලොක් ටවුන්, වැල්ලවත්ත, බොරැල්ල, කොටහේන, බත්තරමුල්ල, නුගේගොඩ, දෙහිවල, ගල්කිස්ස, මොරටුව, පානදුර, කළුතර සහ සීතාවකපුර යන ප්‍රදේශවල පිහිටි තැපැල් කාර්යාල පැය විසිහතර පුරා ක්‍රියාත්මක වේ.
තැපැල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ අදාළ තැපැල් කාර්යාල මගින් දඩ මුදල් භාරගනු ලබන්නේ වැඩ කරන වේලාවෙන් පිටතදී පමණක් බවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…