ශ්‍රී ලංකා

ධනුෂ්කට එරෙහිව පොලිසිය අසාධාරණ ලෙස ක්‍රියා කරලා – නඩු ගාස්තු ගෙවීමට නියෝග කරයි !

ඔස්ට්‍රේලියානු කාන්තාවකට ලිංගික අතවර කළ බවට එල්ලවූ චෝදනාවෙන් නිදහස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඔහුගේ නඩු ගාස්තු සියල්ල ගෙවීමට නියෝග කර තිබෙනවා.

ඒ අනුව මෙම නඩුව විභාග කළ සිඩ්නි අධිකරණ විනිසුරු සාරා හගේට් නියෝග කළේ ගුණතිලකගේ නඩු ගාස්තු ඔහුට ලබාගත හැකි පරිදි සහතිකයක් නිකුත් කරන ලෙසයි.

මේ අතර ධනිෂ්කට එරෙහිව එරට පොලීසිය අසාධාරණ ලෙස කටයුතු කර ඇති බව සිඩ්නි අධිකරණය තීන්දු කර තිබෙනවා.

විනිසුරු සාරා හගේට් ඉදිරියේ වියදම්වලට අදාළ නඩු කටයුත්ත අද (24දා) ආරම්භ කර ඇති අතර එහිදී ඇය පවසා ඇත්තේ රජයේ පාර්ශ්වයෙන් පැවරූ එම නඩුව සම්බන්ධයෙන් සැලකිය යුතු ගැටලු පවතින බවයි.

පසුගිය වසරේ පැවති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ඔස්ට්‍රේලියානු තරුණියකට ඇයගේ නිවසේදී අතවර කළ බවට ගුණතිලකට චෝදනා එල්ල වුණා.

අනතුරුව සිඩ්නි පොලීසිය විසින් ඔහුව පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී අත්අඩංගුවට ගත් අතර මාස 09කට ආසන්න කාලයක් ඔහුට එරට බන්ධනාගාරයේ, නිවාස අඩස්සියේ සහ කොන්දේසි සහිතව කාලය ගත කිරීමට සිදුවුණා.

නඩු විභාගයකින් අනතුරුව ගුණතිලක පසුගිය සැප්තැම්බර් මාසයේදී චෝදනා සියල්ලෙන්ම නිදහස් වුණු අතර, මේවනවිට ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ක්‍රිකට් පුහුණුවීම් ආරම්භ කර තිබෙනවා

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago