ක්‍රිකට්

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ට ෆ්‍රැන්චයිස් තරගාවලි තහනම් වෙයි !

ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ සිටින වේගපන්දු ක්‍රීඩකයින්ට මුදලට ක්‍රීඩා කරන ‘ෆ්‍රැන්චයිස්’ තරගාවලි සඳහා විදෙස්ගතවීමට අදාළව තාවකාලික තහනමක් පනවා තිබෙනවා.

ඒ ලබන ජනවාරි මාසය දක්වාය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම පියවර ගෙන ඇත්තේ, වේගපන්දු යවන්නන් නිතර ආබාධවලට ලක්වීම හේතුවෙනි.

එසේම ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ට ක්‍රිකට් ආයතනය විසින් විදෙස්ගතවීමේදී ලබාදෙන විරෝධතා නොමැති බවට වන ලිපි (‘නෝ ඔබ්ජෙක්ෂන්’) නිකුත් නොකිරීමට ද තීරණය කර ඇත.

ලබන වසරේ ජනවාරි මාසයේදී සිම්බාබ්වේ කණ්ඩායම සමග එක්දින හා විස්සයි20 තරගාවලියක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අතර, එම තරගාවලියට සියලු වේගපන්දු යවන්නන්ගේ ශාරීරික යෝග්‍යතාව යහපත් මට්ටමක පවත්වා ගැනීම ‘ෆ්‍රැන්චයිස්’ තරගාවලි තාවකාලිකව අත්හිටුවීමට ප්‍රධානතම හේතුව වී තිබෙනවා.

විදෙස්ගතවීම අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කිරීමත් සමඟ ලබන 28 වැනිදා ආරම්භ වීමට නියමිත අබුඩාබි ටී10 ක්‍රිකට් තරගාවලියෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනකුම ඉවත්වී ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව ළහිරු කුමාර, ඩිල්ෂාන් මධුෂංක, වනිඳු හසං‍රග සහ මතීෂ පතිරණ යන ක්‍රීඩකයන් අදාළ තරගාවලියට සහභාගී නොවන බව වාර්තා වනවා.

කෙසේ වෙතත් චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ හා ලසිත් කෲස්පුල්ලේ වැනි ක්‍රීඩකයන් අබුඩාබි ටී10 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අපේක්ෂාවෙන් පසුවනවා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

22 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago