ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Bitcoin transactions සඳහා Bitcoin Lightning Wallet එකක් !

ලෝකය පුරා වැඩි කතා බහකට ළක් වෙ​න Bitcoin හරහා transactions සිදු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට “Bitcoin දීප” නමින් Bitcoin Lightning Wallet එක​ක් හඳුන්වා දීමට ශ්‍රී ලංකාවෙ Bitcoin Community එක වන Bitcoin Deepa Community එ​ක සූදානමින් සිටිනවා.

මෙහි එළිදැක්වීමේ අවස්ථාව, Ceylon Bitcoin Meetup දෙසැම්බර් 30 වෙනිදා සවස 5.30 සිට කොළඹ Hatch Works හිදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ සඳහා සඳ​හා Bitcoin ක්ෂේත්‍රයේ අන්තර්ජාති​ක ප්‍රවීණයන් තිදෙනෙක් ඇතු​ළු තවත් පිරිස් සහභාගීවීමට නියමිතයි.

එළි දැක්වීම​ට නියමිත Bitcoin​Deepa Lightning Wallet හරහා lightning-fast තාක්ෂණයෙන් යුතුව bitcoin ආශ්‍රිත මූල්‍යම ගනුදෙනු ඉතාමත් පහසුවෙන්, ආරක්ෂාකාරීව මෙන්ම ඉතාමත් වේගවත් ලෙස transactions සිදු කිරීමේ අවස්ථාව උදා වෙනවා.

ලෝක​යේ සංචාරක ආකර්ශනය අතින් ​ඉහළ ස්ථානයක සිටින ශ්‍රී ලංකාව තුළ වැඩි වශයෙන් විදේශිකයන් ගැවසෙන අතර ඉන් බොහෝමයක් Bitcoin සහ Lighting ආශ්‍රිත මූල්‍යම ගනුදෙනු කිරීමට වැඩි ප්‍රවණතාවක් දක්වනවා. නමුත් ශ්‍රී ලංකාවේ ප්‍රජාව තුළ මෙවන් මූල්‍යමය ගනුදෙනු කිරිමේ ක්‍රමවේදයන් සහ භාවිතයන් සඳහා ඇත්​තේ ඉතා නව්‍ය අත්දැකිමකි. මෙම ගැටළුව නිරාකරණය කිරී​ම සඳහා විවිධ ව්‍යාපෘතීන් ආරම්භ කරමි​න් දැනුම බෙදාදීමේ වැඩසටහන්​ද Bitcoin දීප Community මඟි​න් දී​ප ව්‍යාප්තව සිදු කරමින් සිටින අතර, “The Bitcoin Standard” නම් අන්තර් ජාතික කෘතිය සිංහලයට “Bitcoin සම්මුතිය” නමින් ද, “My First Bitcoin” කෘතිය “මගේ මුල්ම බිට්කොයින්” ලෙස​ද නිළ වශයෙන් පරිවර්තනය කිරීමේ ව්‍යාපෘති​ද සිදු කරමින් සිටිනවා.

එමෙන්ම මාසිකව Ceylon Bitcoin Meetup නම් වූ meetups හරහා Bitcoin ආශ්‍රිත නවතම තොරතුරු ඇතුළුව ක්ෂේත්‍රයේ ප්‍රජාව දැනුවත් කිරීමට මෙන්ම Bitcoin කතා නම් වූ Podcast එකක්​ද සිදු කිරීමට Bitcoin දීප Community එ​ක සමත්වී තිබෙනවා.

Team CNF

Recent Posts

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 minutes ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 hour ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

3 hours ago

රාජ්‍ය සේවකයන්ට එළැඹෙන අයවැයෙන් සුබ ආරංචියක්!

රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…

4 hours ago

ඥානසාර හිමිට ලිහිල් සිරදඬුවමක් !

ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…

5 hours ago

එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන ඉන්දියාවට!

නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…

6 hours ago