සංචාරකයින් පිරිසක් රැගත් බස්රථයක් අද (29) අලුයම වස්කඩුවේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේ දී දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබෙන බව වාර්තා වනවා.
කළුතර උතුර පොලිසිය පවසන්නේ, අනතුරින් සංචාරකයින් දෙපලක් සුළු තුවාල ලබා ඇති බවයි.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කටුනායක ගුවන්තොටුපළ දක්වා සංචාරකයින් පිරිසක් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් බවත් කළුතර උතුර පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අලුත්ගම සිට හලාවත දක්වා ගමන් කරන අංක 8304 දරණ බලවේග කට්ටල දුම්රිය වන අතර අනතුරට පත් වූ සංචාරක බස් රථයේ ගමන් ගත් පිරිස චෙක් ජනරජය බලා පිටත් වීමට නියමිතව සිටි පිරිසක් බවයි වාර්තා වන්නේ.
එම බස් රථයේ සිටි පිරිස රැගෙන වෙනත් හෝටලයක සිටි සංචාරකයන් පිරිසක් රැගෙන යාමට යමින් සිටියදීයි බස් රථය අනතුරට ලක්ව ඇත්තේ.
එහි ගමන් ගත් පිරිස අද පෙරවරු 9ට කටුනායකින් පිටත් වන ගුවන් යානයකින් චෙක් ජනරජය බලා පිටත් වීමට නියමිතව තිබුණා.
අනතුරෙන් බස් රථයේ පිටුපස කොටසට දැඩි හානි සිදුව ඇති අතර, දුම්රියට ද හානි සිදුව තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…