අධ්‍යාපනික

2022 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරයි – ප්‍රතිඵල බලන්නේ මෙහෙමයි !

2022 (2023) අධ්‍යයන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට අද අළුයම (1) නිකුත් කර තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර නිවේදනය කළේ www.doenets.lk / www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලට පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි.

2022 වසරට අදාළව පසුගිය මැයි 29 වනදා ආරම්භ වූ සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්කරුවන් හාරලක්ෂ 72,553 දෙනෙකු පෙනී සිටියා.

ඒ, පාසල් අයදුම්කරුවන් තුන්ලක්ෂ 94,450 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 78,103 ක් වශයෙන්.

සියලුම විදුහල්පතිවරුන් වෙත සිය පාසලේ විභාග ප්‍රතිඵල ලේඛනය අන්තර්ජාලය ඔස්සේ බාගත කරගත හැකි අතර, එහි මුද්‍රිත පිටපතක් ලබාගැනීමටද පහසුකම් සළසා තිබෙනවා. ඒ සඳහා දැනටමත් අදාළ විදුහල්පතිවරුන් වෙත ලබාදී ඇති පරිශීලක නාමය සහ මුරපදය භාවිත කළ හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ.

එසේම නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම ලබන 04 වනදා ආරම්භ වන අතර, 18 වනදා දක්වා අයදුම්පත් යොමුකළ හැකියි.

එමෙන්ම ප්‍රතිඵල සම්බන්ධයෙන් ගැටලු පවතින්නේ නම් 1911 හෝ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව ඇමතිය හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර කියා සිටියේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

24 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago