ශ්‍රී ලංකා

පක්ෂව 57යි, විපක්ෂව එකයි – ඩයනාට, සුජිත්ට සහ රෝහණට මැතිසබය තහනම් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුව උණුසුම් කරමින් සම්මත වෙයි !

අද උදෑසන පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් උද්ගත වුනා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩයනා ගමගේ සුජිත් සංජය සහ රෝහණ බණ්ඩාර යන අයට මාසයක කාලයක් සඳහා පාර්ලිමේන්තුව තහනම් කිරීම පිළිබඳ යෝජනාව සභානායක විසින් සභාගත කිරීමත් සමඟයි.

මන්ත්‍රීවරුන් තිදෙනාට මෙම තහනම පැනවූයේ, පාර්ලිමේන්තු ආචාරධර්ම සහ වරප්‍රසාද කාරක සභාවේ නිර්දේශ මතයි.

කෙසේ නමුත් එම නිර්දේශ සහ අද සභාගත කළ වාර්තාව අතර යම් යම් නොඑකඟතා ඇති බවට විපක්ෂයේ මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කිරීමත් සමඟයි මෙවන් උණුසුම් තත්ත්වයක් වාර්තා වූයේ.

ඩයනා ගමගේ සුජිත් සංජය සහ රෝහණ බණ්ඩාර යන අයට මාසයක කාලයක් සඳහා පැනවූ පාර්ලිමේන්තු අත්හිටුවීමට අදාළ යෝජනාව සම්මත වී තිබුනේ මෙලෙසයි.

ඒ අනුව යෝජනාවට පක්ෂව ඡන්ද 57ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණේ එක් ඡන්ද‍යක් පමණි. මන්ත්‍රීවරුන් තිදෙනෙක් යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටි අතර යෝජනාව වැඩි ඡන්ද 56කින් සම්මත් විය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

17 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago