ශ්‍රී ලංකා

ඉදිරි පැය 12 තීරණාත්මකයි – සුළි කුණාටුවක ලකුණු !

නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත ගැඹුරු පීඩන අවපාතය, දෙසැම්බර් ඊයේ (02) රාත්‍රී වනවිට උතුරු අක්ෂාංශ 11.2° සහ නැගෙනහිර දේශාංශ 82.7° ආසන්න ප්‍රදේශයේ, යාපනයේ සිට කිලෝ මීටර් 330ක් පමණ ඊසාන දෙසින් පැවති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, එය ඉදිරි පැය 12 තුළ, සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇති බවයි.

එම පද්ධතිය, ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතීන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එය හෙට (04) වන විට ඉන්දියාවේ උතුරු තමිල්නාඩු වෙරළ තීරය දක්වා ගමන් කර, ඉන්පසු එය උතුරු දෙසට ගමන් කර අනිද්දා (05) වන විට දකුණු අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වේ යැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

එමෙන්ම උතුරු සහ උතුරු – මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර
එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි.

සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් උදෑසන කාලයේ දී වැසි ඇති විය හැකි බවයි සඳහන් වන්නේ.

උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්වලත්, විටින් විට හමන පැයට කිලෝ මීටර් 40-50 පමණ තද සුළං බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

17 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago