දිනකට මෙරටදී ප්ලාස්ටික් මෙටි්‍රක් ටොන් 938ක් භාවිතයට ගැනුනත් ප්‍රතිචක්‍රීකරණය කෙරෙන්නේ ඉන් 4 %ක් පමණක් බව පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණ වී තිබෙනවා.
භාවිත කළ ප්ලාස්ටික් අතුරින් නැවත එක්රැස් වන්නේ 32 % ක් පමණක් වන අතර ප්‍රතිචක්‍රීකරණය නොවන ඉතිරිය පරිසරයට අවිධිමත් ලෙස බැහැර කරන බවයි එම කාරක සභාව හමුවේ නිලධාරීන් පෙන්වා දී ඇත්තේ.
කිසිදු නියාමනයකින් තොරව සුන්බුන් ප්ලාස්ටික් ආනයනය කිරීමට කර්මාන්තකරුවන්ට අවසර දී ඇති බව ද මෙහිදී හෙළිවුණා. ඒ අනුව ඉදිරියේදී බලපත්‍ර නිකුත් කිරීමේදී කර්මාන්තයේ අවශ්‍යතා අනුව ඒවා නිකුත් කළ යුතු බවට ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබාදී තිබෙනවා.
වාර්ෂිකව ප්ලාස්ටික් අමුද්‍රව්‍ය මෙටි්‍රක් ටොන් ලක්ෂ 4ක් ආනයනය කරන අතර සුන්බුන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙටි්‍රක් ටොන් 20,000ක් ද ආනයනය කිරීමට අවසර දී තිබෙනවා.
නමුත් මෙරට කර්මාන්ත සඳහා සුන්බුන් ප්ලාස්ටික් ආනයනය කර ඇත්තේ මෙටි්‍රක් ටොන් 5,179ක් පමණක් බවයි නිලධාරීන් පෙන්වා දි තිබුණේ.
ඒ අනුව මෙරටට රැගෙන එන ප්ලාස්ටික් වසර 5ක් වැනි නිශ්චිත කාලයක් තුළ එකතු කිරීමේ ක්‍රමවේදයක් ඇති කළ යුතු බව කාරක සභා සභාපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනය කළේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…