ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඒ මහතා 75 වන වියේ පසු වුණා.
ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (04) උදෑසන ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ඥාතීන් සඳහන් කළා.
‘සුමින්ද සිරිසේන‘ වේදිකාවත්, පුංචි තිරයත්, සිනමාවත් එක සේ ජයගත් අසමසම කලාකරුවෙකු වනවා.
පුරා වසර 60කට වැඩි කාලයක් රංගන චාරිකාවේ නියැළි මේ අසාහය ශිල්පියා තෝලංගමුව මධ්‍ය විද්‍යාලයේ සිය රංගන චාරිකාව ආරම්භ කළා.
එදා කලා ලෝකයේ විවිධ භූමිකා රඟ දක්වමින් ප්‍රේක්ෂකයින් වෙත සමීප වූ ඔහු 2012 වසරේ සිට කාලයක් රෝගාතුරව රෝද පුටුවකට වී කාලය ගත කළා.
මී පුර වැසියෝ, මනමේ, සිංහබාහු ඇතුළු වේදිකා නාට්‍ය රැසකට ම රංගන දායකත්වය ලබා දුන් ඔහු බෝගල සවුන්දිරිස්, රම්‍ය සුරම්‍ය, යස ඉසුරු වැනි ටෙලි නාට්‍යවල ද චරිත නිරූපණයේ යෙදුණා.
දුහුළු මලක්, උප්පලවන්නා, පිටසක්වළ කුමාරයා, ගාමණි, ඉර හඳ යට, සමනල තටු වැනි චිත්‍රපට වල ඔහු නිරූපණය කළ චරිත වඩාත් කතාබහට ලක්වුණා.
ඉන් අනතුරුව කිසිදු කලා කටයුත්තකට සම්බන්ධ නොවූ ඔහුව රැක බලාගත්තෙ ඔහුගේ ආදරණීය බිරිය ලීලා සිරිසේන යි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…