දෙහිවල ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක තිබී අද (06) උදෑසන අත්බෝම්බයක් හමුවී ඇති බව පොලීසිය වාර්තා කරයි.
දෙහිවල පොලිස් වසමේ අංක 124, අනගාරික ධර්මපාල මාවත, දෙහිවල ලිපිනයේ අඩක් ඉදිකර අතහැර දමා ඇති මහල් 11කින් සමන්විත ගොඩනැගිල්ලේ 05 වැනි මහලේ මෙම අත්බෝම්බය තිබී ඇති බව වාර්තා වේ.
නිල් පැහැති පොලිතින් බෑගයක බහාලන ලද අත්බෝම්බයක් වැනි යමක් ඇති බවට එහි ආරක්ෂක නිලධාරියා විසින් දෙහිවල පොලිස් ස්ථානය දැනුම්වත් කර තිබේ.
ඒ අනුව පොලීසිය විසින් සිදු කළ විමර්ශනයකින් පසු එය අත්බෝම්බයක් බව හෙළි වී ඇත.
පසු ව ඒ සම්බන්ධ ව දෙහිවල පොලිස් ස්ථානය විසින් බෝම්බ නිෂ්ක්‍රීය අංශය දැනුම්වත් කරනු ලැබීමෙන් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රිය අංශය විසින් අත්බෝම්බය රැගෙන ගොස් ඇත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…