ශ්‍රී ලංකා

අපේක්ෂා රෝහලේ විකිරණවේදීන් අකුරට වැඩ – රෝගීන් අපහසුතාවයට පත්වෙයි !

මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය තුන්වන දිනටත් ක්‍රියාත්මක කරන අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් ප්‍රතිකාර කටයුතු සඳහා පැමිණි රෝගීන් තවදුරටත් අපහසුතාවට පත්ව සිටිනවා.

අමතර රාජකාරි සදහා සිදුකරන ගෙවීම් පිළිබද එකඟතා කඩවන අයුරින් මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂකවරයා කටයුතු කරන බව පවසමිනුයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය පෙරේදා (05) ආරම්භ කරනු ලැබුවේ.

විකිරණ තාක්ෂණවේදින් පස්වරු 04න් පසු ප්‍රතිකාර නොකරන බවට දන්වමින් රෝහලේ දැන්වීම් පුවරුද ප්‍රදර්ශනය කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් ඉතා දුරබැහැර ප්‍රදේශවල සිට මහරගම අපේකෂා රෝහලට පැමිණෙන රෝගීන් විශාල සංඛ්‍යාවකට අදත් ප්‍රතිකාර ලබාගැනීමට නොහැකිවීමෙන් ඔවුන් දැඩි දුෂ්කරතාවන්ට පත්වුණා.

මේ අතර කුරුණෑගල ශික්ෂණ රෝහල අක්‍රිය වී ඇති සී.ටී ස්කෑන් යන්ත්‍රය වෙනුවට ගෙන්වූ යන්ත්‍රය ඊයේ දිනයේදී ශ්‍රී ලංකා රේගුවෙන් නිදහස් කිරීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් අද රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු ලබාදෙමිනුයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මේ බව කියා සිටියේ.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago