දෙහිවල සත්වෝද්‍යානයේ සිටින අප්‍රිකානු ජිරාෆ් (ගැහැණු) සත්වයින් දෙදෙනාගෙන් එක් ජිරාෆ් සත්වයකුගේ ඉදිරි පාදයක ඇතිව තිබූ කුර රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (07) සැක කටයුතු ලෙස මිය ගොස් ඇත.
එම සත්වයාගේ පාදයක ඇති වූ ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර කිරීම සඳහා නිර්වින්දනයට ලක් කර ඇති අතර පසුව යළි ප්‍රකෘති තත්ත්වයට පත් වී නැති බවයි, වාර්තා වන්නේ.
ප්‍රතිජීවක එන්නතක අසාත්මිකතාවයක් හේතුවෙන් එම සතා මිය ගොස් ඇති බවට තොරතුරු වාර්තා වන අතර ඒ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතය.
එමෙන්ම ශ්‍රී ලංකා පොදු ජන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු සේවක සංගමයේ දෙහිවල සේවකයින් චෝදනා කරන්නේ දෙහිවල සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරුන් විසින් සිදු කරන ලද එන්නත් කිරිමක් වැරදීමෙන් මෙම සත්වයා මිය ගිය බවටය.
මිය ගිය මෙම ගැහැණු සත්ත්වයා අප්‍රිකානු ජිරාෆ් යුවලකට දාව වර්ෂ 1993 දී ශ්‍රී ලංකාවේ ඉපදී හැදී වැඩුනු සතෙකි.
මේ ජිරාෆ් දේනුව මිය යනවිට 30 වයස්හි පසුවූවාය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…