බෞද්ධාලෝක මාවතේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට පැවැත්වෙන උත්සවයක් සඳහා පාර හරහා තාවකාලිකව ඉදිකර තිබූ තොරණක් කඩා වැටීමෙන්, එහි මාර්ග ගමනාගමනට බාධා එල්ල වී තිබුණා.
ඒ අනුව බොරැල්ලේ සිට තුන් මුල් දක්වා වාහන ගමන් කිරීමට නොහැකිව මිනිත්තු තිහක පමණ කාලයක් මාර්ගය අවහිර වී තිබූ බවයි වාර්තා වන්නේ.
අද (10) ඉරිදා දිනයේ දී මාර්ගයේ එතරම් වාහන නොමැති බැවින් සිදු වීමට තිබූ විශාල අනතුරක් වැළකී ගිය බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
කෙසේ නමුත් රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් වැසි නොතකා, කඩා වැටුණු තොරණේ කොටස් එකිනෙක ගලවමින් පාරෙන් ඉවත් කොට වාහන ගමනාගමනයට ඉඩ සලසා දී තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…