ශ්‍රී ලංකා

පස් කන්දට යටවූ පුද්ගලයා සොයන්නට යෑමේ දි බැකෝ යන්ත්‍රයේ කුල්ලේ වැදී හිස කඳින් වෙන් වෙලා – කරාපිටියේ ඛේදවාචකය !

ගාල්ල කරාපිටිය නගරයේ අලුතින් ඉදිකරගෙන යනු ලබන සිව්මහල් ගොඩනැගිල්ලක පිටුපස පැති බැම්මක් ඉදිකිරීම සඳහා කාණුවක් කපා එහි කමිබි කුරු අතුරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු පස් කණ්ඩියකට යටවිමෙන් එක් අයෙකු එම ස්ථානයේදිම මියගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමේ සිද්ධිය මේ වනවිට ප්‍රදේශය කම්පා කර තිබේ.

මෙම සිද්ධිය වාර්තා වූයේ ඊයේ (09) පස්වරුවේ දී ය.

පස් කණ්ඩියට යටවිමෙන් මියගොස් තිබුණේ පිටදුව ගමගේ ප්‍රසංග සංජිව (35) නැමති ඉමදුව වල්පොල ප්‍රදේශයේ පදිංචි විවාහකයෙකි. පස් කණ්ඩියට යටවි සිටි පුද්ගලයාගේ සිරුර ගොඩගැනිම සදහා විනාඩි 45ක් මෙහෙයුමක් දියත් කර තිබිණි. පස් කන්දට යටවී සිටි පුද්ගලයාගේ හිසත් කඳත් ගොඩ ගත්තේ වෙන වෙනමය. බැකෝ යන්ත්‍රයේ කුල්ලට හසුවිමෙන් එම පුද්ගලයාගේ හිස කඳින් වෙන් වී තිබිණි. පස් කණ්ඩියට යටවිමෙන් බරපතල තුවාල ලැබු තවත් පුද්ගලයෙකු දැඩි අසාධ්‍ය තත්තවයෙන් යුතුව කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් ඇත.

අනික් පුද්ගලයින් දෙදෙනාගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

තුවාල ලැබුවන්ද ඉමදුව වල්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. කඩා වැටිමට ලක්ව ඇති පස් කණ්ඩියේ දිග අඩි 40ක් පමණය. උස අඩි 10කි. අනතුරට ලක්වු පුද්ගලයින් විසින් මෙම කඳුගැටයට මායිම්වන සේ ආරක්ෂිත පැති බැම්මක් ඉදිකිරීම සදහා අඩි තුනක පමණ කාණුවක් කපා තිබිණි.

ඉන්පසු මෙම සේවකයින් විසින් මෙම කාණුව මත කම්බිකූරු අතුරමින් සිටිය දි එකවරම පස් කණ්ඩියේ කොටසක් ඔවුන් මතට කඩා වැටී තිබිණි. එයට කාණුවේ කම්බි බැදමින් සිටි සේවකයින් දෙදෙනෙකු යට වූයේය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු සම්පුර්ණයෙන්ම පස් කණ්ඩියට යට වී නොපෙනී ගියේය.

අනික් පුද්ගලයාගේ ගෙල පෙනෙන තෙක් පස්වලට යට වි තිබිණි. ඒ සමගම පස් කණ්ඩියේ අනික් කොටස ද කඩාවැටීමෙන් සේවකයින් දෙදෙනෙකු අනතුරට ලක්වූයේය. ඔවුන් දෙදෙනා දිවගොස් දිවි බේරාගත්හ. විනාඩි 45ක පමණ මෙහෙයුමකින් පසුව පස් කන්දට සම්පුර්ණයෙන්ම යට වී සිටි පුද්ගලයාගේ සිරුරු සොයාගෙන ඇත.

බැකෝ යන්ත්‍රයක් මගින් පස් ඉවත්කොට මොහුගේ සිරුර සොයාගෙන තිබිණි. මෙම සිද්ධිය වන අවස්ථාවේ මෙම වැඩබිමේ සේවකයින් 06දෙනෙකු පමණ වැඩකරමින් සිට ඇත.

පස් කණ්ඩිය කඩා වැටිමෙන් සිව් දෙනෙකු අනතුරට ලක්ව ඇති අතර මියගිය පුද්ගලයාගේ හදිසි මරණ පරික්ෂණය අද (10) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවැත්විමට නියමිතව තිබුණි.

මෙකී ආරක්ෂිත පැති බැම්ම ඉදිකිරිම සඳහා කොන්ත්‍රාත්තුව ලබාගත් කොන්ත්‍රාත්කරු ද මෙම සිද්ධියෙන් පසු සිහිසුන්ව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ 58 වාට්ටුවට ඇතුලත්කොට තිබුණි.

ඔහු මෙම සිද්ධියෙන් පසු මානසිකව ආතතියට ලක්ව ඇති බැව් පොලිසිය පවසයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

22 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago