Israel-Hamas War – ප්‍රාණ ඇපකරුවන් සියලු දෙනා ඝාතනය කරනවා, හමාස් සංවිධානය දැනුම් දෙයි !

තම ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් නිදහස් කරන්නේ, ඊශ්‍රායලය එරට බන්ධනාගාරවල සිටින පලස්තීන සිරකරුවන් සියලු දෙනා නිදහස් කරන්නේ නම් පමණක් යැයි හමාස් සටන්කාමීහු පවසති.

ඊශ්‍රායල රජය එසේ නොකරන්නේ නම්, ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් සියලු දෙනා ඝාතනය කිරීමට තමන් පසුබට නොවන බව ද හමාස් සටන්කාමීන් වැඩි දුරටත් පවසා තිබේ.

හමාස් සටන්කාමීන්ගේ මෙම ප්‍රකාශය, ඊශ්‍රායලයේ දැඩි කෝපයට හේතුවක් වී ඇත. ඊශ්‍රායල හමුදා, ගාසා තීරයේ දකුණින් පිහිටි යූනිස් ඛාන් නගරය වට කරමින් දරුණු ලෙස පහර දීමට පටන්ගෙන ඇත්තේ ද මේ නිසාය.

පසුගිය ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට කඩා වැදී පහර දුන් අවස්ථාවේදී, ඊශ්‍රායලයේ සිට, 240 දෙනකු ප්‍රාණ ඇපකරුවන් ලෙස අල්ලාගෙන ගාසා තීරයට රැගෙන ගියේය.

දින කීපයකට පමණක් සීමා වූ සටන් විරාමය අතරතුරේ, ප්‍රාණ ඇපකරුවන් බොහෝ දෙනකුට නිදහස හිමිවිය.

එසේ වුවත්, තවමත් 130 දෙනකු හමාස් ප්‍රාණ ඇපයේ සිටින බව පැවැසෙයි. හමාස් සටන්කාමීන්, ඝාතනය කිරීමට සූදානම් වෙනවා යැයි පැවැසෙන්නේ එම 130 දෙනාය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago