තරුණයන් ප්‍රතිපත්ති සම්පාදනයට දායක වීම විප්ලවියයි – රාජිත, මනෝ, දයාසිරි, දොලවත්ත, මැකෝ එක හඬින් කියයි !

තරුණයන් ප්‍රතිපත්ති සම්පාදනයට දායක වීම විප්ලවිය කාරණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න, මනෝ ගනේෂන්, නීතිඥ දයාසිරි ජයසේකර, නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත යන මහත්වරුන් සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන වරුණ රාජපක්ෂ සහ නීතිඥ ශිරාල් ලක්තිලක යන මහත්වරුන් පවසයි.

ඔවුන් මෙම අදහස් පලකරේ ශ්‍රී ලංකාවේ සිදුවිය යුතු අත්‍යවශ්‍ය රාජ්‍ය ප්‍රතිසංස්කරණයන් පිළිබඳව විද්වත් සහ මහජන අදහස් ගොනු කරමින් ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ සඳහා වන ජනතා ව්‍යාපාරය (PMDR) තවත් සිවිල් සහ තරුණ සංවිධාන සහ ගාලු මුවදොර අරගලයේ ක්‍රියාකාරීව සිටි තරුණ කණ්ඩායම් එකතුව සකස් කර තිබු ප්‍රතිපත්ති මාලාව එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී බලය බෙදා හැරීම, මැතිවරණ ප්‍රතිසංස්කරණ, සංක්‍රාන්ති යුක්තිය සහ සංහිඳියාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, පළාත් පාලන ප්‍රතිසංස්කරණ, රාජ්‍ය සේවා ප්‍රතිසංස්කරණ, මාධ්‍ය නීති ප්‍රතිසංස්කරණ, ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණය සහ අනාගතය යන විෂය කලාප ඔස්සේ ප්‍රතිපත්ති මාලාව එලි දැක්වූ අතර දිවයින පුරා තරුණ සංවිධාන 20ක තරුණ තරුණියන් 14,000කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් සකස් කර තිබු එම ප්‍රතිපත්ති මාලාව සඳහා සීමා නිර්ණය කොමිසමේ සභාපති, මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය, කීර්තිමත් පරිපාලන සේවා නිලධාරියෙක් වන පියතිස්ස රණසිංහ, කීර්තිමත් සැලසුම් සේවයේ නිලධාරියෙක් වන සම්පත් මල්ලවආරච්චි, ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු, ආචාර්ය රංග කලන්සුරිය, නීතිඥ අකලංක හෙට්ටිආරච්චි, මාධ්‍යවේදී විමුක්ති දුෂාන්ත විසින් සම්පත් දායකත්වය ලබා දී තිබේ.

සංවිධාන සමුහය වෙනුවෙන් වෙනුවෙන් උසාමා ලියව්දීන්, කේ. අර්ජුන, අයේෂා රිල්වානා සහ ඉෂාරා මධුවන්ති යන තරුණ තරුණියන් ද අදහස් පළකළහ.

ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ සඳහා වන ජනතා ව්‍යාපාරය (PMDR), ගාළු මුවදොරින් ඔබ්බට සාමුහිකය (Next Step), ප්‍රජාතන්ත්‍රවාදය හා කලාපීය බලගැන්වීම සඳහා දකුණු ආසියානු මධ්‍යස්ථානය (SACRED), ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොන්ග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදය සදහා තරුණයෝ, View – මැතිවරණ නිරීක්ෂණ ජාලය , අයිතිවාසිකම් හඬ, SCCF, හරිත උදය, හෙට දවස සංවිධානය, ජනතාව සඳහා වගකීම (C2), සමාජ සමානාත්මතාවය සඳහා තරුණ හඬ, සමාජ සුභසාධනය උදෙසා ජනතා සංගමය (PUSW), KITE තරුණ සංවිධානය, අයිඩියල් හබ්, Black Cap Movement, AFRIEL තරුණ ජාලය, ජනතා පදනම සහ සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා තරුණ එකමුතුව (YIPD) යන සංවිධාන ඒකාබද්ධව මෙම අවස්ථාව සංවිධානය කර තිබිණ.

Ceylon News Factory

Share
Published by
Ceylon News Factory
Tags: AFRIEL තරුණ ජාලයBlack Cap MovementKITE තරුණ සංවිධානයNext StepPMDRPUSWSACREDYoung people to contribute to policy-making CNFඅයිඩියල් හබ්අයිතිවාසිකම් හඬගාළු මුවදොරින් ඔබ්බට සාමුහිකයජනතා පදනමජනතාව සඳහා වගකීමතරුණයන් ප්‍රතිපත්ති සම්පාදනයදයාසිරි ජයසේකරප්‍රජාතන්ත්‍රවාදය සදහා තරුණයෝප්‍රජාතන්ත්‍රවාදය හා කලාපීය බලගැන්වීම සඳහා දකුණු ආසියානු මධ්‍යස්ථානයප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොංග්‍රසයප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොන්ග්‍රසයප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ සඳහා වන ජනතා ව්‍යාපාරයප්‍රේම්නාත් සී. දොලවත්තමනෝ ගනේෂන්මැතිවරණ නිරීක්ෂණ ජාලයරාජිත සේනාරත්නවරුණ රාජපක්ෂශිරාල් ලක්තිලකසමාජ සුභසාධනය උදෙසා ජනතා සංගමයසහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා තරුණ එකමුතුවහරිත උදයහෙට දවස සංවිධානය

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

24 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago