ශ්‍රී ලංකා

පෞද්ගලික ගිණුමකින් මිලියන 77ක් වංචනිකව ඇදලා – සම්පත් බැංකුවේ ඉහළ නිලධාරීන් 5කට විදෙස් ගමන් තහනම් !

බැංකු ගණුදෙණුකරුවෙකුගේ ගිණුමකින් රුපියල් මිලියන 77.98ක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තලාහේන ශාඛාවට අනුයුක්තව සේවය කළ සම්පත් බැංකුවේ හිටපු නිලධාරීන් පස් දෙනෙකුට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද විදෙස් ගමන් තහනම් කළේය.

සම්මානලාභී පාරම්පරික වෛද්‍යවරයකු වන කැළුම් හර්ෂ කමල් වීරසිංහ මහතාගේ (බැංකු ගිණුම් හිමියාගේ) අවසරයකින් තොරව රුපියල් මිලියන 77.98ක මුදලක් වංචා කර ඇති බවට කරන ලද පැමිණිල්ලකට අනුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

සම්පත් බැංකුවේ තලාහේන ශාඛාවේ සිදුවූ බව කියන මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට වෝහාරික විගණන වාර්තාවක් ඉදිරිපත් කර තිබුණි.

  • ලක්නා ජයසේකර (පළමු නිලධාරියා),
  • තනුජා මුතුකුමාරණ (හිටපු කළමණාකරු),
  • අරුණ ජිනදාස (හිටපු ප්‍රාදේශීය කළමනාකාරිනිය),
  • ගයනි විදානපතිරණගේ (ලිපිකරු) සහ
  • හිරන්ත කොඩිකාර (ශාඛා ණය නිලධාරි) යන බැංකු නිලධාරීන් පස්දෙනාට අධිකරණය විදේශ ගමන් තහනම් කළේය.

පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා නීතිඥ සචින්ත රුද්‍රිගු මහතා සමඟ පෙනී සිටියේය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

24 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago