ආර්ථික

2024 අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි !

2024 සඳහා වූ අයවැය වාර්තාව අද (13) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 41කින් සම්මත වුණා.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 122ක් ලැබුණ අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 81ක් පමණි.

හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

විනය කඩ කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු කටයුතු තහනම් කර සිටින රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බංඩාරට ද අයවැය තෙවනවර කියවීමේ අවස්ථාව සඳහා ඡන්දය ලබා දීමට අවසර හිමිවුණා.

2024 වර්ෂයට අදාළ අයවැය පසුගිය නොවැම්බර් 13 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඉන් අනතුරුව නොවැම්බර් 14 වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා පුරා මාසයක කාලයක් අයවැය පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී පැවැති අතර පසුගිය නොවැම්බර් 21වෙනිදා අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්ද 45කින් සම්මත වුණා.

ඊට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර, විපක්ෂය ලැබුණේ ඡන්ද 77ක් පමණයි.

ඡන්ද විමසීමට පසුදින අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් අයවැය තුන්වන වර කියවීමේ විවාදය ආරම්භ කෙරුණා.

එම විවාදයේ 19වන දිනය වූ අද දින තුන්වනවර කියවීමෙන් පසුව පැවති ඡන්ද විමසීමෙන් අනතුරුව අයවැය සම්මත වුණා.

ඒ අනුව මෙම අයවැය 2024 වර්ෂයේ සිට ක්‍රියාත්මකයි.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

9 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago