බුදු දහමට අපහාස කළ බවට වන චෝදනා යටතේ චීවරදාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශ්ව බුද්ධ මුණි නාමයෙන් පෙනී සිට ඇති මෙම චීවරදාරියා සමාජ මාධ්‍ය තුළ බුදු දහමට අපහාස වන අයුරින් විවිධ ක්‍රියා සහ ප්‍රකාශ සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
34 හැවිරිදි එම චීවරදාරියා රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.
මෙම චීවරදාරියා යූ ටියුබ් සහ ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලා හරහා එම අපහාසාත්මක ප්‍රකාශ ප්‍රචාරය කර ඇති බව සදහන්.
ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිහිපයක්ද ලැබී තිබෙනවා.
අදාළ පැමිණිලි ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ(12) කලගෙඩිහේන ප්‍රදේශයේදී මෙම චීවරදාරියාව අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…