ඔස්ට්‍රේලියානු සුපිරි තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක කැමරන් ග්‍රීන්ට දරුණු වකුගඩු රෝගයක් !

ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කැමරන් ග්‍රීන් හට දරුණු වකුගඩු රෝගයක් වැළදී තිබෙනවා.

එරට චැනල් 7 රූපවාහිනී නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මෙම රෝගී තත්ත්වය ගැන පළමු වරට ලොවට හෙළි කළා.

ග්‍රීන්ගේ මව වන බී ග්රෙසි ගර්භණීව සිටියදී 19වන සතියේදී සිදුකළ අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරික්ෂාවකදී එම නිදන්ගත වකුගඩු රෝග තත්ත්වය පිළිබඳව හඳුනාගෙන තිබුණු අතර, වෛද්‍යවරු, ග්‍රීන්ගේ දෙමව්පියන්ට දැනුම්දී තිබුණේ ඔහුගේ ජීවිතය වසර 12කට පමණක් සීමා වීමට ඉඩ ඇති බවකි.

ඔහු පවසන්නේ රෝගී තත්ත්වය ගැන කණ්ඩායමේ සිය සගයින්ද නොදන්නා බවයි. චැනල් 7 සමග පැවති සම්මුඛ සාකච්ඡාවේදී ග්‍රීන් පවසා සිටියේ සිය රෝගී තත්ත්වය පිළිබඳව හෙළි කිරීමට තීරණය කළේ ඒ සම්බන්ධයෙන් ජනතාව තුළ අවබෝධයක් සහ ඒ සම්බන්ධයෙන් කළ යුතු දේ සම්ප්‍රේෂණය කිරීමට අවශ්‍ය වූ නිසා බවයි.

ඇත්තටම මට තිබෙන්නේ ටයිප් 2 කියන අවස්ථාව. වකුගඩු රෝගයක් දරුණුම වෙන්නේ ටයිප් 5 අවස්ථාවේදී. එවිට වකුගඩු බද්ධ කිරීමකට හෝ ඩයලිසිස් තත්ත්වයට යා යුතුයි. මගේ වකුගඩු ක්‍රියා කරන්නේ සියයට 60යි. නමුත් මට හැකියාව ලැබිලා තියෙනවා මගේ රෝගී තත්ත්වය කළමනාකරණය කර ගැනීමට

යනුවෙන් ග්‍රීන් වැඩිදුරටත් පවසා තිබුණා.
Ceylon News Factory

View Comments

  • Please try to become a vegitariyan
    You will be fine & live peacefully with the Blessings from Nature (God)
    🙏🙏🙏

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago