වැලිකඩ ප්‍රධාන පුහුණු ජේලර්වරයා ඝාතනයේ ප්‍රධාන සැකකරු මෙන්ම ප්‍රබල සංවිධානාත්මක අපරාධ හා මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ‘කරන්දෙණිය සුද්දාගේ’ ප්‍රධාන ගෝලයා වන ‘වෑල්ඩින් රුවන්’ නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අයිස් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 590ක්ද ඔහු සන්තකයේ තිබී සොයාගත් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.
අම්බලන්ගොඩ, ගලගොඩවත්ත, කුලීගොඩ ප්‍රදේශයේදී ඊයේ (14) මෙම වැටලීම සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
30 හැවිරිදි වියේ පසු වූ සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.
පසුගිය දිනයකදී සිදු වූ වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන පුහුණු ජේලර්වරයා ඝාතනයේ ප්‍රධාන සැකකරු මෙම පුද්ගලයා බවත් මොහු එම නඩුවෙන් දැනට ඇප මත නිදහස්ව සිටින අයෙකු බවටත් තොරතුරු අණාවරණය වී තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…