රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයෙහි ලා විධිමත් අයුරින් ජනතා සහභාගීත්වය ලබාගැනීම තහවුරු කරනු පිණිස ශක්තිමත් ආයතනික ව්‍යුහයක් ලෙස ස්ථාපනය කිරීම අරමුණු කර ‘ජනසභා’ පිහිටු වීම යටතේ මේ වන විට දිවයින පුරා සාර්ථක ලෙස ආදර්ශ ජනසභා පිහිටුවා තිබේ.
ඒ අනුව පිහිටු වනු ලබන සුවිශේෂී ජනසභාවක් අද (15) යාපනය වල්වෙට්ටිතුරෙයි ප්‍රදේශයේ දී සාර්ථකව සිදු විය.
යාපනය දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ජනසභා පිහිටු විමට සමඟාමීව සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් සඳහා ණය ලබා දිමේ වැඩසටහනක් හා ගෙවතු වගා සඳහා පැල ලබා දිමක් ද සිදුවිය.
මෙම ජනසභා මඟින් සිය ගම (හෝ නාගරික ඒකකය) වඩාත් සංවිධිත සහ සංවර්ධිත ඒකකයක් බවට පත් කිරීම සඳහා වන භෞතික, මානව සහ වෙනත් සංවර්ධන සැලසුම් සකස් කිරීම, එම සංවර්ධන සැලසුම් හි ප්‍රමුඛතා තීරණය කිරීම, ග්‍රාමීය සම්පත් හඳුනාගැනීම, සුබ සාධන අවශ්‍යතා හඳුනාගැනීම සහ ග්‍රාමීය පුරවැසි දුක්ගැනවිලි කළමනාකරණය සඳහා විධිමත් යාන්ත්‍රණයක් ලෙස කටයුතු කිරීම යන මූලික කාර්යයන් ඉටු කිරීමට අපේක්ෂිතය.
මෙයට අතිරේක වශයෙන් ගමේ ආර්ථික සමාජීය සහ සංස්කෘතික පුනර්ජීවනය සහ සංවර්ධනය සඳහා කටයුතු කරන සජීවී ව්‍යුහයක් ලෙස ස්වාධීනව කටයුතු කිරීමට ජනසභා සවිබල ගැන්වීමට අපේක්ෂිතය.
ජනතාව සවිබලගැන්වීම තුළින් ග්‍රාමීය සංවර්ධනය වේගවත් කිරීමටත් පුද්ගල සංවර්ධනය තුළින් ජාතික සංවර්ධනය සඳහා ඉඩ හසර විවර කර ගැනීමටත් මෙම ජනසභා ක්‍රමය තුළින් අවස්ථාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…