වෙළඳපලේ අලෙවි කිරීමට ඇති ප්ලාස්ටික් වතුර බෝතල්, ප්ලාස්ටික් කෑම පෙට්ටි,පැන්සල්, ඇතුළු පාසල් දරුවන් භාවිතයට ගන්නා ප්ලාස්ටික් ද්‍රව්‍ය බොහොමයක් ප්‍රමිතියෙන් තොර බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
මෙවැනි ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් ද්‍රව්‍යවල පිළිකාකාරක ද අඩංගු බවයි එම වෛද්‍යවරුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
ලබන වසරේ ආරම්භවන නව පාසල්වාරය සඳහා දරුවන්ට අවශ්‍ය පාසල් උපකරණ මිලදී ගැනීමට මව්පියන් මේ දිනවල දක්වන්නේ දැඩි උනන්දුවක්. පවතින ආර්ථික අපහසුතා මැද ඔවුන්ගෙන් වැඩිදෙනෙක් අඩු මිලගණන් යටතේ ඇති පාසල් උපකරණ මිලදී ගැනීමට යොමුවන නමුත් මේ දිනවල වෙළඳපලේ අලෙවි කිරීමට ඇති පාසල් උපකරණ බොහොමයක ප්‍රමිතිය පිලිබඳව ගැටළු මතුවන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ තත්ව පාලන අංශයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය මහින්ද වික්‍රමආරච්චි පවසනවා.
ඔහු පවසන්නේ ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් වතුර බෝතල්, ප්ලාස්ටික් කෑම පෙට්ටි,පැන්සල් ඇතුළු ප්ලාස්ටික් ද්‍රව්‍ය දිගු කාලයක් භාවිතයට ගැනීමෙන් දරුවන් පිළිකා රෝගවලට ගොදුරු වීමේ අවදානමක්ද පවතින බවයි.
වෛද්‍ය මහින්ද වික්‍රමආරච්චි – ප්‍රධාන වෛද්‍ය නිලධාරී – තත්ව පාලන අංශය – කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයද මේ සම්බන්ධයෙන් කරුණු පෙන්වා දෙනවා.
මේ අතර අධ්‍යාපන බලධාරීන්ගේ අවධානයද කඩිනමින් මේ සදහා යොමුකල යුතු බවයි ලංකා ගුරු සංගමය පවසන්නේ.
මේ අතර අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පෙන්වා දෙන්නේ පවතින ආර්ථික තත්ත්වය සමඟ මෙවැනි ප්‍රමිතියෙන් තොර පාසල් උපකරණ වෙළෙඳපොළට පැමිණ ඇති බවයි. කෙසේ වෙතත් ප්‍රමිතිගත පාසල් උපකරණ මිලදී ගැනීම වැදගත් බවට මව්පියන් දැනුවත් කරන ලෙස අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දී ඇති බවත් අධ්‍යපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර තත්වයෙන් බාල පාසැල් උපකරණ පිලිබඳ පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
තත්වයෙන් බාල පාසැල් උපකරණ ආනයනය කිරීමෙන් පාසැල් සිසුන්ගේ ජීවිත අනතුරේ!
මීට විශ්වාසී,
දිවයින පුරා අලෙවි කරනු ලබන ආනයනික පාසැල් උපකරණවල අඩු ප්‍රමිතිය නිසා මේ රටේ පාසල් සිසුන්ගේ ජීවිත අනතුරේ හෙළා ඇති බව අප සංවිධානය විසින් වෙළදපොළ තුළ සිදුකරන ලද නීරීක්ෂණයකින් තහවුරු විය.
ඒ අනුව අප සංවිධානයට නිරීක්ෂණය වූයේ තත්වයෙන් බාල පාසැල් උපකරණ චීනය වැනි රටවලින් ආනයනය කර ඉතා වැඩි ලාභයක් උපයමින් මෙන්ම තත්වයෙන් උසස් පාසැල් උපකරණ වලට වඩා අඩු මිලක් යටතේ අලෙවි කිරීම මේ වන විට ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතිනව බවයි.
පිටකොටුව ආශ්‍රිතව පාසැල් උපකරණ තොග මිළට අළෙවි කරනු ලබන වෙළදුන් විසින් අළෙවි කරන ඉතා ආකර්ෂණීය නිමාවකින් යුත් මේ පාසැල් උපකරණ නියමිත ප්‍රමිතීන්ට අනුව නිපදවනු ලබන්නේ නැති නිසා දරුවන් විශාල සෞඛ්‍ය අවධානමකට ලක් වෙනවා පමණක් නොව එය දරුවන්ගේ අධ්‍යාපන තත්වයටද එය බලපානු ලබයි.
මෙම පාසැල් උපකරණ අතර තත්වයෙන් බාල පැන්සල්, පාට පැන්සල් වතුර බෝතල් සහ කෑම පෙට්ටි යන වර්ග වේ. බොහොමයක් පැන්සල් වලට භාවිතා කර තිබෙන්නේ තත්වයෙන් බාල මිනිරන් නිසා ඒවාගේ තුඩ කැඩී එම උපකරණ වැඩි කාලයක් භාවිතා කිරීමට නොහැකි වී තිබේ. ලාභය පිළිබද සළකා දෙමාපියන් විසින් ඒවා මිළදී ගත්තද අවසානයේදී සිදු වන්නේ අලාභයකි.
එසේම මෙම පැන්සල් සහ පාට පැන්සල් නිෂ්පාදනය සදහා භාවිතා කර ඇති තීන්ත වර්ග ප්රමිතයෙන් තොරවීම නිසා කුඩා දරුවන්ගේ සෞඛ්‍යයට ඇති වන්නේ විශාල තර්ජනයකි. එසේ වන්නේ සමාන්‍යයෙන් කුඩා දරුවන් පැන්සල්/ පාට පැන්සල් කටින් හැපීම සාමාන්‍ය පුරුද්දක් කරගෙන තිබෙන නිසාය. මෙහි භයානකම තත්වය වන්නේ එවැනි නිෂ්පාදනවල ශරීරයට අහිතකර බැර ලෝහ අඩංගු වන නිසා එම බැරලෝහ දරුවන්ගේ සිරුරට ඇතුලු වීමේ අවධානමක්ද පවතින බැවිනි.
දරුවන් භාවිතා කරන උපකරණ වර්ණ ගැන්වීම සම්බන්ධයෙන් EN71-3 ලෙස අන්තර්ජාතික ප්‍රමිතියක් ඇති අතර එමගින් පාසැල් උපකරණ වල අඩංගුවිය හැකි බැර ලෝහ 19 කින් ආරක්ෂාව ලබාදී ඇත. එහෙත් අප රටේ අලෙවි වන බොහාමයක් ආනයනික පැන්සල් සහ පාට පැන්සල් මේ ප්‍රමිතියට අනුකූලව නිෂ්පාදනය කර නැත.
ප්‍රමිතියට නිපදවන බව එම ඇසුරුමේ සදහන් කර ඇතත් එය පාරිභෝගිකයින් නොමග යැවීමකි. අනෙක් කාරණය නම් ආහාර ඇසුරුම් සහ නැවැත නැවතත් භාවිතා කරනු ලබන වතුර බෝතල් නිපදවීමේදී ජාත්‍යන්තර ප්‍රමිතිය වන්නේ පිළිකාකාරක රසායනිකයක් වන “බිස්ෆීනෝල් ඒ” (Bisphenol A) හෙවත් BPA වලින් තොර ඒ සදහා භාවිතා කරන Polypropylene ප්ලාස්ටික් වලින් මේවා නිපදනීවීමයි. එය හදුනා ගැනීම සදහා භාවිතා කරන ජාත්‍යන්තර ක්‍රමවේදය වන්නේ ඒ උපකරණ වල පතුල මත අංක 5 සටහන් කර තිබීමය.
ඒ මගින් අදහස් වන්නේ එම උපකරණ වල විෂද්‍රව්‍ය වලින් තොර බවත් ඒවා නැවත නැවත භාවිතයට සුදුසු බවත්ය. නමුත් මේ වෙනකොට ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන බාල වතුර බෝතල් සහ කෑම පෙට්ටි මෙම ප්‍රමිතීන්ට අනුකූල නැති නිසා එම අංක සදහන් කරලා නැත.
එසේම ඇතැම් නිෂ්පාදන එම අංක සදහන් ව ඇතත් ඒවා පරීක්ෂා කිරීමේදී පැහැදිලිව පෙනී යන කාරණය නම් ඒවා ව්‍යාජ ව යෙදූ අංක බවය. අදාල නිෂ්පාදනවල ඝනත්වය දෙස බැලීමේදී ඒ බව තහවුරු වේ. වෙළද උපක්‍රම ලෙස අලෙවියට තබා ඇත ඉතා ආකර්ෂණීය වතුර බෝතල් සහ කෑම පෙට්ටි 3 ක් මිලදී ගත්විට එකක් ගත්තම 1 ක් නොමිළේ ලැබෙන බව සදහන් කර ඇත.
නමුත් එම නිෂ්පාදන සදහා භාවිතා කර ඇත්තේ අංක 7 කාන්ඩයේ පොලිකාබනේට් ප්ලාස්ටික් වලින් බව පෙනී යයි. එසේ වීම නිසා එම නිෂ්පාදන වල BPA අඩංගු වන අතර ඒවායේ පිළිකාකාරක රසායනික සංඝටක අඩංගු විය හැක. හොදම දේ දරුවන්ට කියා උදේ හවස ප්‍රකාශ නිකුත් කලද ශ්‍රී ලංකාවේ දරුවන් භාවිතා කරන පාසැල් උපකරණ වල ප්‍රමිතිය නියාමනය කිරීමට කිසිදු ආයතනයක් නැත.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මේ සම්බන්ධව කිසිදු ප්‍රමිතියක් හදුන්වා දී නැත. ඕනම පුද්ගලයෙකුට හෝ ආයතනයකට ප්‍රමිතියෙන් තොර පාසැල් උපකරණ ආනයනය කර අලෙවි කිරීමට හැකියාව ලබා දී තිබේ. පාරිභෝගික අධිකාරිය මේ පිළිබදව සොයා බැලීමට වැඩ පිළිවෙලක් සැකසිය යුතු අතර පාසැල් විසින් පොත් ලැයිස්තු නිකුත් කිරීමේදී දෙමාපියන්ට පාසැල් උපකරණ වල ප්‍රමිතිය ගැන යම් සදහනක් කිරීම ඉතා වැදගත්වේ.
අපේ රටේ ගුරුවරුන් හා වෘත්තීය සමිති නිරන්තරයෙන් තම අයිතිවාසිකම් සම්බන්ධයෙන් අරගල කලද මෙවැනි සංවේදී කාරණා ගැන ඔවුන් නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමද කණගාටු දායකය.
අප සංවිධානය බළධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ආනයනික පාසැල් උපකරණ නියාමනය කිරීම සදහා විධිමත් වැඩපිළිවෙලක් සකසන ලෙසය.
රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…