ක්‍රිකට්

දිමුත් සහ දසුන් නායකත්වයෙන් ඉවතට – ටෙස්ට්, එක්දින සහ T20 කණ්ඩායම් සඳහා පත් කිරීමට නියමිත නව නායකයින් මෙන්න !

උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුතු නව තේරිම් කමිටුව රැස් වී ගනු ලබන තීරණ නිශ්චය වීමටත් පෙර සමාජ මාධ්‍යය තුළ සංසරණය වීම සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට්වල අවධානයට ලක් වී ඇතැයි වාර්තා වේ.

ඊයේ පළමු වරට රැස් වූ තේරිම් කමිටුවේ මූලික සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ගැටලුකාරී තත්ත්වයක් ඇති කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග කියයි.

ඊයේ රැස් වූ නව ක්‍රිකට් තේරීම් කමිටුව ටෙස්ට්, එක්දින සහ විස්සයි 20 සඳහා නායකයින් තිදෙනෙකු පත් කිරීමට සලකා බලමින් සිටින බව සමාජ මාධ්‍ය අනාවරණය කර තිබේ.

ඒ අනුව ටෙස්ට් නායකත්වය දිමුත් කරුණාරත්නගෙන් ධනංජය ද සිල්වා වෙත පැවරීමට නියමිතය. දසුන් ශානක වෙනුවට කුසල් මෙන්ඩිස් සහ වනිඳු හසරංග වෙත පිළිවෙලින් එක්දින සහ විස්සයි 20 සඳහා නායකත්වය දීමට නියමිත බව වාර්තා වේ.

ටෙස්ට් කණ්ඩායමේ උප නායකයා ලෙස කුසල් මෙන්ඩිස් පත් වීමටත් විස්සයි 20 සහ එක්දින කණ්ඩායම්වල උප නායකයා ලෙස චරිත් අසලංක කටයුතු කිරීමටත් නියමිත බවත් වාර්තා වේ.

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ එක්දින සහ විස්සයි 20 තරඟාවලිය සඳහා වන සංචිතය අවසන් කිරීම සඳහා තේරීම් කමිටුව ලබන සතියේ රැස්වන විට අවසන් තීරණයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Ceylon News Factory

View Comments

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago