ශ්‍රී ලංකා

දූෂණය නවත්වන්න තරුණ සංවිධාන රාජ්‍ය නිලධාරීන්ව අලුත් ම ගැටයකට අහුකරලා !

සමාජ සාමුහික දායකත්ව පදනම (SCCF), හෙට දවස සංවිධානය (The Tommorow) සහ අයිතීන් සඳහා හඬ යන තරුණ සංවිධාන ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනයට සමඟාමීව අද දින මඩකලපුව, මහනුවර සහ කුරුණෑගල යන ප්‍රදේශවල දී ‘දූෂණයට එරෙහිව’ නව උපායමාර්ග වැඩසටහනක් දියත් කළහ.

ඒ එම ප්‍රදේශවල පොලිස් ස්ථාන, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, සෞඛ්‍ය සේවා, කෘෂි සේවා ඇතුලු රාජ්‍ය ආයතන ගණනාවකට තරුණ පිරිස් පැමිණ රාජ්‍ය නිලධාරීන් සමඟ මුහුණට මුහුණලා දූෂණය පිටුදැකිය හැක්කේ කෙසේ ද යන්න පිළිබඳව සංවාදයක් ආරම්භ කිරීමෙනි.

මෙම සංවාදයේ දී රාජ්‍ය යාන්ත්‍රණය තුළ දූෂණය වළක්වා ගත හැකි ආකාරය පිළිබඳව තරුණ කොටස් සහ එම ආයතන නිලධාරීන් අදහස් හුවමාරු කර ගත අතර දුෂණය වැලැක්වීම සඳහා තරුණ තරුණියන් රාජ්‍ය යාන්ත්‍රණයන් සමීපව නිරීක්ෂණය කරන බවට ද තරුණ සංවිධාන විසින් අවධාරණය කළහ.

මේ අතර මහජනතාව තුළ දූෂණයට එරෙහිව කටයුතු කිරීම පිළිබඳව දැනුවත් භාවයක් ඇති කිරීම සදහා රාජ්‍ය නිලධාරීන්ගෙන් කෙටි පණිවිඩ ඇතුලත් වීඩියෝ පට ඒකරාශි කිරිමක්ද සිදුවිය.

මෙම වැඩසටහනේ ඉදිරි කටයුතු පිළිබඳව මහජනතාව දැනුවත් කිරිමේ සමාජ මාධ්‍ය වැඩසටහන් සහ වඩාත් පුළුල් ලෙස රාජ්‍ය යාන්ත්‍රනය තුළ රාජ්‍ය නිලධාරීන් සමඟ විවෘත සංවාදයන් ඇති කරගැනීමට තරුණ කොටස් බලාපොරොත්තු වන බව මෙම තරුණ සංවිධාන වල ප්‍රධානින් වැඩිදුරටත් ප්‍රකශ කළහ.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

7 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

11 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

12 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

14 hours ago