පාතාලා නායකයින්ට අත්වන්නේ මරණය පමණක් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.
අමාත්‍යවරයා උත්සවයකදී අමතමින් පෙන්වා දුන්නේ හෙට (17) සිට අපරාධ කල්ලි මැඩපැවැත්වීමට විශේෂ මෙහෙයුම් අරඹන බවයි.
ජූනි 30 වනවිට රට තුළ සම්පූර්ණ වෙනසක් සිදුකිරීම සඳහා පොලීසියට කාලය ලබාදී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
“මේ වැඩේට අපිත් එක්ක එකතු වෙන්න. අපි බොහොම තදින් ක්‍රියා කරනවා. මොන ලොක්කා කතා කළත් කුඩුකාරයෝ බේරගන්න, මම ඒකට ඉඩ දෙන්නෑ. පොලිසියට දීලා තියෙන ජූනි 30 වෙනකල් විතරයි. 30 වෙනකොට සම්පූර්ණ වෙනසක් වෙන්න ඕනේ මේ රටේ. සමහර වෙලාවට සමාජ මාධ්‍යය අපිට ගහයි. ඒගොල්ලෝ හිතනවා නම් ඒවා කරලා අපිව නවත්තන්න පුළුවන් කියලා ඒක කවදාවත් වෙන්නේ නෑ” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මීමුරේ කරඹකැටිය ප්‍රදේශයේ අද සවස වෑන් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති බව…
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් පහ කිරීමට ජාතික…
තලවතුගොඩ ප්‍රදේශයේ සමාජ ශාලාවක් අසල අද (19) අලුයම සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්…
කෙතරම් විරෝධතා සහ බාධක පැමිණිය ද වැව් රක්ෂිතවල අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කරන බව කෘෂිකර්ම,…
යූකැලිප්ටිස් වර්ගයේ ගසක අත්තක් හිස මතට කඩා වැටීමෙන් (19) දින උදෑසන 10:00ට පමණ පුද්ගලයෙකු එම…
කටුනායක ගුවන්තොටුපොළ කලාපය තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන්තොටුපොළ කළමනාකරණ අංශ ප්‍රධානී අරුණ රාජපක්ෂ ජනතාවගෙන්…