ශ්‍රී ලංකා

පොහොට්ටුවේ ජාතික සංවිධායක තනතුරින් බැසිල් ඉවත් වෙයි !

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධාක තනතුර හිස්ව තබන්න පක්ෂය තීරණය කළ බවත් ඉදිරියේ දී ගන්නා දේශපාලන තීන්දු මත සුදුසු පුද්ගලයෙක් පත් කරගැනීමට නියමිත බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂගේ නිල නිවසේ දී රැස්වූ පක්ෂයේ විධායක සභාව එම පෙරමුණේ නව නිලධාරී මණ්ඩලය අද පත් කළ අවස්ථාවේ දී එම තීරණය ගෙන තිබේ.

තීරණය ගනු ලැබුවේ බැසිල් රාජපක්ෂගේත් අනුමැතිය සහිතව බව නාමල් රාජපක්ෂ කියයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් යළිත් වරක් පක්ෂයේ මහලේකම් ලෙස පත් කර ඇත.

ඊට අමතරව පක්ෂයේ නව භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි පත් කරනු ලැබ තිබේ.

පක්ෂයේ සභාපතිවරයා ලෙස උතුරුවල ධම්මරතන හිමියන් යළි පත් කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද සිය දේශපාලන මණ්ඩලයට සාමාජිකයින් පත් කළ අතර එහිදී නියෝජ්‍ය ජාතික සංවිධායක ධුර ද නිර්මාණය වි තිබේ.

මෙම තනතුරු දෙක සඳහා දෙමළ සහ මුස්ලිම් ජාතිකයෙකු පසුව තෝරා ගැනීමට පක්ෂය අපේක්ෂා කරයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago