අධ්‍යාපනික

කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ට විශේෂ දැනුම්දීමක් !

කැලණිය විශ්වවිද්‍යාලයේ වසා දමා තිබූ සෙසු පීඨවල අධ්‍යයන කටයුතු අද (18) සිට සම්පුර්ණයෙන් ම ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකුට විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් පහරදීමේ සිද්ධියක් මුල් කරගනිමින් ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් පසුගිය 5 වැනිදා කැලණිය විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා තාවකාලිකව වසා දැමුණි.

කෙසේ වෙතත් පසුගිය සඳුදා දිනයේ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය, පරිගණක හා තාක්ෂණය පීඨය, වාණිජ හා කළමනාකරණ පීඨයේ අධ්‍යයන කටයුතු ආරම්භ කෙරුණු අතර සෙසු පීඨ දෙකේ අධ්‍යයන කටයුතු අද ආරම්භ කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන කැලණිය විශ්වවිද්‍යාලයේ සන්නිවේදන සහ මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් රාජපක්ෂ මහතා,

පසුගිය දා කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් කිහිපදෙනෙක් හා ආරක්ෂක අංශයේ නිලධාරීන් කිහිපදෙනෙක් අතර ඇති වූ ගැටලුමක් මුල්කරගෙන පීඨ වසා දමනු ලැබුවා. විශ්වවිද්‍යාලය වසා දැමීමෙන් අනතුරුව මේ ගැටුම්වලට සම්බන්ධ විමර්ශනය සඳහා කමිටු තුනක් පත්කළා. ඒ අනුව විශ්වවිද්‍යාලය අදියර කිහිපයකින් විවෘත කිරීමට තීරණය කළා. අද මානව ශාස්ත්‍ර පීඨය හා සමාජ විද්‍යා පීඨයේත් අධ්‍යයන කටයුතු ආරම්භ වෙනවා. මේ වෙද්දි සියලු පීඨවල අධ්‍යයන කටයුතු පෙර පරිදි ආරම්භ වෙනවා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago