ශ්‍රී ලංකා

ප්‍රජාතන්ත්‍රවාදි තරුණ කොංග්‍රසයේ කොළඹ දිස්ත්‍රික් සම්මේලනයේ දී යහපත් සමාජයක් වෙනුවෙන් බලාපොරොත්තුවක්!

ප්‍රජාතන්ත්‍රවාදි තරුණ කොංග්‍රසයේ කොළඹ දිස්ත්‍රික් සම්මේලනය එහි නායක කේ. අර්ජුන, කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායික අයිෂා රිල්වානා සහ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායක ඩි. ලක්ෂාන් යන මහත්මමහත්මින්ගේ ප්‍රධානත්වයෙන් ‘ද මෙල්’ ප්‍රජා ශාලාවේ දී අද පැවැත්විණි.

මේ සඳහා ප්‍රජාතන්ත්‍රවාදි තරුණ කොංග්‍රසයේ කොළඹ ආසන නායකයින් සහභාගි වු අතර ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිසංස්කරණ සදහා අවශ්‍ය අදහස් ලබා ගැනිමද සිදු විය.

මෙහිදි අදහස් දැක්වමින් ප්‍රජාතන්ත්‍රවාදි තරුණ කොංග්‍රසයේ නායක කේ. අර්ජුන මහතා ප්‍රකාශ කලේ රටේ ඇතිවි ඇති තත්ත්වය හමුවේ සක්‍රිය මහජන මැදිහත්කරණයක් සිදු කිරිමට අත්‍යවශ්‍ය බවයි. එසේම කොළඹ දිස්ත්‍රික්කය තුල ජනතාවට විශාල වශයෙන් ස්ථිර නිවාස හා ඉඩම් නොමැති බවත් අවශ්‍ය බලපත්‍ර හා ඔප්පු නොමැතිකම බලවත් ගැටලුවක් බව ඒ මහතා පෙන්වා දුන්නේය.

එසේම සනීපාරක්ෂක ගැටලු රැසක් මැද කොළඹ ප්‍රදේශයේ පවතින බවත් එවාට ස්ථිර සහ ගුණාත්මක විසදුම් ලබා ගැනිමට ක්‍රියා කරන බවත්, මෙම ගැටළු සියල්ලටම පිළිතුරු ලබා දිමට දේශපාලන අධිකාරිය හා රාජ්‍ය නිලධාරින් එකම ස්ථානකට ගෙන්වා දීමට කටයුතු කරන බවත් ඒ මහතා පැවසිය.

මේ අතර වංචාවෙන් – දුෂණයෙන්, අල්ලසින් තොර යහපත් සාධාරණ සමාජයක් බිහි කිරිමත් ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන නිතියේ ආධිපත්‍ය ආරක්ෂා කරන තරුණ නායකයින් පිරිසක් බිහි කිරිමේ දෙවන පියවර කොළඹ දිස්ත්‍රික්කයෙන් තැබු බවත් ප්‍රජාතන්ත්‍රවාදි තරුණ කොංග්‍රසයේ නායක කේ. අර්ජුන මහතා වැඩිදුරටත් පැවසිය.

එසේම මෙම සමුළුවේ දී ප්‍රජාතන්ත්‍රවාදි තරුණ කොංග්‍රසයේ ජාතික සම්මේලනයක් පැවැත්විමට ද සභාව ඒකමතිකව තිරණය කලහ.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

1 day ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago