ශ්‍රී ලංකා

නිතර අසභ්‍ය වීඩියෝ නරඹන පුද්ගලයන්ට වැඩ වරදී !

දරුවන්ගේ අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ පට අන්තර්ජාලයට හෝ සමාජ මාධ්‍ය හරහා විසුරුවාහරින පුද්ගලයන් හඳුනාගත හැකි අන්තර්ජාතික දත්ත පද්ධතියක් සමඟ එකතුවීමට ශ්‍රී ලංකා පොලීසියට හැකිවූ බව නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය පවසනවා.

එම දත්ත පද්ධතිය හඳුන්වන්නේ ‘Inte ational Centre for Missing & Exploited Children.’ ලෙසයි.

මීට මාස 2 කට පමණ පෙර මෙම දත්ත පද්ධතිය හා එක්වීමට ශ්‍රී ලංකා පොලිසියට හැකි වූ බවත් ඒ හරහා අන්තර්ජාලය ඔස්සේ නිතර අසභ්‍ය වීඩියෝ නරඹන පුද්ගලයන් පිළිබඳව තොරතුරු ලබාගත හැකි බවත් නියෝජ්‍ය පොලිස්පතිනිය සඳහන් කළා.

අන්තර්ජාල සේවා සපයන ආයතන මෙම අන්තර්ජාතික දත්ත පද්ධතිය හා සම්බන්ධ වී එම තොරතුරු හුවමාරු කරගන්නා අතර ඒ හරහා ඉතා පහසුවෙන් එවැනි පුද්ගලයන් හඳුනා ගැනීමට හැකියාව ඇති බවද ජයසුන්දර මහත්මිය පැවසුවා.

2023 වසරේ අන්තර්ජාලය ඔස්සේ දරුවන් අපයෝජයට ලක්වන සිද්ධි 98,000ක් ලැබී ඇති බවත් 2022 වසරේ නව මාධ්‍ය ඔස්සේ දරුවන් 146,000 ක් අපයෝජනයට ලක්වී ඇති බවත් රේණුකා ජයසුන්දර මහත්මිය සඳහන් කළා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

9 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago