ශ්‍රී ලංකාවේ දැවැන්තම නිමි ඇදුම් ප්‍රදර්ශනාගාරය GFlock වත්තලදී විවෘත කරයි!

එකම සන්නාමයක් යටතේ පමණක් වූ ශ්‍රී ලංකාවේ දැවැන්තම නිමි ඇදුම් ප්‍රදර්ශනාගාරය වත්තල නගරයේදී එහි සභාපති රනිල් විල්ලද්දරගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(20) විවෘත කළේය.

පාරිභෝගිකයින් වෙත නිමි ඇදුම් කේෂ්ත්‍රයේ නවුම් අද්දැකීමක් සහිතව නවීන විලාසිතා වලින් හා ශ්‍රී ලංකාවේ එකම සන්නාමයක් යටතේ පමණක් වූ දැවැන්තම ප්‍රදර්ශනාගාරය නවීන පහසුකම් වලින් යුක්තව විවෘත කරනු ලැබීය. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පාරිභෝගිකයින් අතර කීර්තියට පත් නිමි ඇදුම් නිෂ්පාදනයේ අංක එකේ දේශීය සන්නාමයක් වන GFlock සිය ශාඛා ජාලය පුළුල් කරමින් මාස හයක් වැනි කෙටි කාලයක් තුළ විවෘත කළ දෙවන ශාඛාවයි.

සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය නවීනතම විලාසිතා හා විවිධ මෝස්තර වලින් අනූන නිමි ඇදුම් පාරිභෝගිකයින්ට අවශ්‍ය පරිදි තෝරා ගැනීමට පහසුකම් සලසා දී තිබේ. උසස් තත්තවයෙන් යුතු අමුද්‍රව්‍ය තුළින් නිර්මාණය කරන ලද නවීන මෝස්තර වලින් අනූනය. නවතම දෘශ්‍ය වෙළඳ තාක්‍ෂණයෙන් සමන්විතය. වඩා කැපී පෙනෙන වෙනසක් සහිතව නිර්මාණශීලි නිෂ්පාදන තෝරා ගැනීමට සහ මිලදී ගැනීමටත්, සුහදශීලි කාර්ය මණ්ඩලයකගේ පූළුල් සේවාවක් ගෞරවණීය පාරිභෝගිකයින්ට ලබා දීමට කටයුතු යොදා තිබේ.

වසර දහයකට අධික කාලයක් පාරිභෝගික හදවත් දිනාගනිමින් GFlock සන්නාමය ඔවුන් වෙත සමීප වී තිබේ. වර්තමානය වන විට දේශීය හා ජාත්‍යන්තරව ප්‍රමුඛ පෙළේ සන්නාමයක් බවට GFlock පත්ව තිබේ. නිර්මාණශීලි තරුණ තරුණියන්ගේ අද්දැකීම් උපයෝගිකොටගෙන ශ්‍රී ලාංකීය ආර්ථිකය ශක්තිමත් කිරිමට දායකත්වය ලබා දෙන දේශීය ව්‍යාපාර සන්නාමයකි.

පරාර්ථකාමීත්වය, විනය, අධිෂ්ඨානය, උත්සහය හා අවංකභාවය පෙරදැරි කොටගෙන ගනුදෙනුකරුවන්ගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතාවලට ගරු කරමින් GFlock කණ්ඩායම සිය මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදු කරයි. GFlock ශාඛා ජාලය කොල්ලුපිටිය, පැලවත්ත, මීගමුව, දෙල්කද හා වත්තල යන ස්ථානයන්හි විවෘතව පවතී.

TEAM CNF 02

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago